හදවතක් ඇති මිනිසෙක් ජනාධිපති වීමට නියමිතයි..

දූෂිතයන්ගෙන් අවස්ථාවාදී රැවටිලිකාරයින්ගෙන්, දශක ගණනාවක් තිස්සේ අපේ රටේ ජනතාව පෙලූ නරුම දේශපාලනඥයන්ගෙන් මේ රට නුදුරේදීම නිදහස් වන බවත් හදවතක් ඇති නායකයෙක් මේ රටේ ජනාධිපතිවරයා ලෙස තේරී පත් වන බවත් රංගන ශිල්පිනී නදී කම්මැල්ලවීර පවසනවා.

ඇය මේ බව ප්‍රකාශ කළේ අනුර කුමාර දිසානායක මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් පැවැති ජන රැලියක් අමතමින්.

විදෙස් රටක ජීවත් වුවත් සිය රටේ ජනතාව විඳින දුක් කරදර පිළිබඳ දැඩි කම්පනයකින් පසුවන ඇය පසුගිය සති කිහිපයක් තුළ රටේ නව වෙනසක් පිබිදීමක් සිදුවන ආකාරය අත් විඳින බවයි සඳහන් කළේ.

‘මේ රට මේ තරම් කාලයක් කාබාසිනියා කිරීමට ඉඩ දීල මිනිස්සු බලන් හිටියේ ඇයි කියලා හිතනකොට මට මා තුළම ආවේගයක් ඇති වෙනවා.

නමුත් මම මීට සතියකට පෙර ලංකාවට එනකොට මට දැනුණෙ විශාල සුවයක්.

තව සති කිහිපයකින් මනුෂ්‍යත්වය වෙනුවෙන් මේ රටේ මිනිස්සු තීරණාත්මක තෝරා ගැනීමක් කිරීමට යන බව මේ රට නුදුරේදීම නිදහස් වෙන්න යන බව දැනෙනකොට මට දැනුනේ අන් කවරදාටත් වඩා පුදුමාකාර සහනයක්.

මෙච්චර කාලයක් මේ රටේ මිනිස්සු දරා සිටි දූෂණයේ වංචාවේ විනාශයේ බංකොලොත්භාවයේ වියගසේ ගැට ගහලා තිබුණ මේ රට තව සති දෙක තුනකින් නිදහස් වෙන්න යන බව දැනුනම මට දැනුණේ පුදුම සුවයක්.

මං අහල තියෙන කියමනක් තියෙනවා කිසියම් නරක තත්ත්වයක් වෙනස් වෙන හැරවුම් ලක්ෂයට එන්න කලින් ඒ තත්ත්වය උපරිම නරක් වෙනවා කියලා.

මං හිතන්නෙ මනුෂ්‍යයන් විදියට අපත් රටත් දැන් ඉන්නෙ එවැනි තැනක.

මොකද අපට රටක් විදියට මීට වඩා වැටෙන්න තැනක් නැහැ.මීට වඩා ගිලෙන්න අන්ධකාරයක් නැහැ.රටක් විදියට ලෝකයා ඉදිරියේ ලබන්න මීට වඩා අවමානයක් නැහැ.

හදවතක් තියෙන මනුස්සයෙක් මේ රටේ ජනාධිපති වීමට නියමිතයි.සැප්තැම්බර් 21වැනිදාට.”

Latest News

More like this

ගුරුවරයෙක් වෙන්න නම් අධ්‍යාපන සභාවේ බලපත්‍රය අනිවාර්යයි

ගුරු වෘත්තියට පිවිසීම සඳහා ඉදිරියේදී අධ්‍යාපන සභාවේ ලියාපදිංචි වී...

රජයේ ආදායම නගී….

රජයේ සමස්ත ආදායම පසුගිය මාර්තු මාසයේ සිට අඛණ්ඩව වර්ධනය...

පෙම්වතා බේරාගැනීමට ගොස් වියානා ඇළට බිලි වූ සරසවි සිසුවිය

ජීවිතය තණ අග පිනි බිඳුවක් යැයි හොඳින්ම දැන සිටියද...

බංගලාදේශයේ ජෙට් යානය පාසලට කඩාවැටීමෙන් මිය ගිය ගණන ඉහළට… බහුතරය පන්ති කාමරයෙන් එළියට දැමූ දරුවන්

බංග්ලාදේශ ප්‍රහාරක ජෙට් යානයක් ඩකා අගනුවර පාසලකට කඩා වැටීමෙන්...
error: Content is protected !!