කොෆී ෂොප්වල,සුපර් මාකට්වල යට ඇඳුම ගලවා තබා යන ජනප්‍රිය TikTok තරුවක්…පාන් රාක්කයකත් තියලා ගිහින්.. රටිනුත් නෙරපා හරී

“සමාජ මාධ්‍ය යුගයේ ඕනෑම දෙයක් සහ සෑම දෙයක්ම කළ හැකියි. සරලවම කිවහොත් කළ නොහැකි මළ ඉලව්වක් නැත.”

බ්‍රිතාන්‍ය ජාතික සමාජ මාධ්‍ය බලපෑම් කරන්නියක් වන ක්ලොවි ලෝපෙස් (Chloe Lopez) ඒ බව ඔප්පු කරමින් විකාර රැල්ලක් නිර්මාණය කීරිමට ගත් උත්සහයකට මේ වන විට දැඩි සමාජ විරෝධයක් එල්ල වී ඇත්තේ ඒ අනුවයි.

සමාජ මාධ්‍යවල වීව්ස් වැඩි කර ගැනීමේ නවතම ප්‍රයෝගය ලෙස ප්‍රසිද්ධ ස්ථානවල ඇගේ යට ඇඳුම් ගලවා තබා යාමට ඇ‍ය කටයුතු කර තිබෙනවා.

ඇය පවසන්නේ එය අභියෝගයක් ලෙස භාර ගනිමින් සිදු කරන බවයි.

එහෙත් සමාජ මාධ්‍ය පරිශීලයන් චෝදනා කරන්නේ ඇගේ මේ විකාරය වීව්ස් වැඩි කර ගැනීමේ චේතනාවෙන් සිදු කරන පහත් ක්‍රියාවක් බවයි.

මෙම ක්‍රියාවෙන් පසු ඇගේ වීඩියෝ වෛරල් වීමට පටන් ගැණුනු අතර කෝපි අවන්හල්වල, ඉන්ධන පිරවුම්හල්වල සහ සුපිරි වෙළඳසැල්වල ඇගේ යට ඇඳුම් දමා යන අයුරු දැකගත හැකි වුණා.

එක් වීඩියෝවක, ඇය සිය යට ඇඳුම් හොර රහසේ ගලවා පාන් රාක්කයක දමා යන අකාරය ද සටහන් වී තිබුණා.

වාර්තා වන අන්දමට මෙම වීඩියෝව රූගත කර ඇත්තේ ස්පාඤ්ඤයේ Mercadona සුපිරි වෙළඳසැලකයි.

එම ක්‍රියාව බොහෝ දෙනෙකුගේ අප්‍රසාදයට හේතු වී තිබෙනවා.

කෝපි හලේ සිදුවීමේ දී සමාජ මාධ්‍ය පරිශීලිකයන් “එය කෝපි සඳහා ටිප් එකක්” විය නොහැකිදැයි ප්‍රශ්ණ කර තිබෙනවා.

“පරිහානිය සහ මෝඩකම ප්‍රදර්ශනය කිරීමක්. සියලු සමාජ මාධ්‍යවල ඇය අත් හිටුවීමට කටයුතු කළ යුතුයි.”

“ගෝලීය බලපෑම් කරන්නෙකු” ඇයගේ යට ඇඳුම් ඉවත් කර පොදු ස්ථානවල තබා යෑම? මම නම් අනුමත කරන්නේ නැහැ.”බොහෝ අය දක්වා තිබුණේ එවැනි අදහස්.

බ්‍රිතාන්‍ය සමාජ මාධ්‍ය තරුව TikTok හි වැඩිහිටි අන්තර්ගතයන් නිර්මාණය කිරීම සඳහා ප්‍රසිද්ධ වූ අයෙකි.

මේ අතර, Mercadona බලධාරීන් මේ පිළිබඳව විමර්ශනය කරමින් සිටින අතර ඇගේ අමුතු හැසිරීම හැසිරීම හේතුවෙන් ස්පාඥ්ඥයෙන් නෙරපා හැරීමට ද ඉඩ ඇති බවයි වාර්තා වන්නේ. 

Latest News

More like this

ග්‍රාමාරක්ෂක තනතුර සඳහා විභාගයට 8000ක් ගුවන් පථයක බිම ඉන්දවලා…

ඉන්දියාවේ ඔඩීෂා ප්‍රාන්තයේ ග්‍රාමාරක්ෂක තනතුර සඳහා බඳවා ගැනීමේ තරග...

ආපදාවට ලක් වූ ව්‍යාපාරිකයන්ට මිලියන 25 දක්වා ණයක්

2026 වසරේ රජයෙන් ලබා දෙන සහන පොලී ණය ක්‍රමය...

ශාන්ත පද්ම කුමාරගේ සිදුවීමට අදාළ පොලිස් කොස්තාපල් අත්අඩංගුවට

ජාතික ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පත්ම...

අධ්‍යාපන අමාත්‍යාංශය සිරිමාවෝ විදුහල්පතිනියගෙන් වාර්තාවක් කැඳවයි

සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ මෑතකදී පැවති වර්ණ සම්මාන ප්‍රදානය කිරීමේ...