එක ළඟ භූමිකම්පා දෙකකින් කාශ්මීර නිම්නය සෙල වේ 

ඉන්දියාවේ කාශ්මීර නිම්නයේ අඟහරුවාදා (අගෝස්තු 20) රිච්ටර් මාපකයේ 4.9 සහ 4.8 ක භූමිකම්පා දෙකක් සිදු වී තිබෙනවා.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ රිච්ටර් මාපකයේ 4.9 ක අගයකින් යුත් පළමු භූමිකම්පාව පෙරවරු 6:45 ට සිදු වූ බවයි.

දෙවන භූමිකම්පාව පෙරවරු 6.52 ට සිදු වූ අතර එහි ප්‍රබලත්වය රිච්ටර් මාපකයේ 4.8 ක් ලෙසයි සටහන් වුණේ.

කෙසේ වෙතත් ජීවිත හානි හෝ දේපළ හානි කිසිවක් මෙතෙක් කිසිවකින් වාර්තා වී නැහැ.

බොහෝ ස්ථානවල ජනතාව තම නිවෙස්වලින් පිටතට දිව ගිය අතර භූමිකම්පා නිම්නය පුරා දැනුණු බව වාර්තා පවසනවා. 

Latest News

error: Content is protected !!