ජවිපෙට මුදල් ලැබෙන හැටි ගැන හෙළිදරව්වක්..

2024 ජනාධිපතිවරණයේ ප්‍රචාරණය වෙනුවෙන් එක් අපේක්ෂකයකුට වියදම් කළ හැකි මුදල නියාමනය කරමින් බිලියන 1.8ක් බවට මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශයට පත් කළ ද සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය, ආණ්ඩුව සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඒ සඳහා විශාල මුදලක් ඉල්ලා සිටි බව හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසනවා.

ඒ අනුව ඔවුන් රුපියල් බිලියන 4 ක් වැනි දැවැන්ත මුදල් සම්භාරයක් මේවර ජනාධිපතිවරණය සඳහා වියදම් කිරීමට සූදානම් වූ බව ගම්මන්පිළ මහතා සඳහන් කළා.

අද (අගෝස්තු 20) ව​න දින පැවති පිවිතුරු හෙළ උරුම​ය මාධ්‍ය හමුවේ දී ඔහු මේ බව කියා සිටියා.

මේ දිනවල ඇමරිකාවේ පවතින ජනාධිපතිවරණ මැතිවරණයේ දී ඔවුන්ට මුදල් ලැබුණ ආකාරය හෙළි කළ යුතු බවත් ලංකාවේ අපේක්ෂකයින් ද එම මුදල් ලැබුණ ආකාරය හෙළි කළ යුතු බව ඔහු ප්‍රකාශ කළා.

ජාතික ජන බලවේගයට ඒ සඳහා මුදල් ගලා එන්නේ ප්‍රබල තානාපති කාර්යාලයක් හරහා බවයි ගම්මන්පිළ මහතා සඳහන් කළේ.

මෙහිදී වැඩි දුරටත් ඔහු ජාතික ජන බලවේගයෙන් හා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා විසින් ප්‍රතික්ෂේප කරන සියලුම දෙනා එකතු කරගන්නා සජබය ගැන ද විශේෂ ප්‍රකාශයක් සිදු කළා.

Latest News

More like this

ආර්ථිකය යළිත් කඩා වැටෙන බවට රනිල්ගේ අනාවැකිය හරි… IMF වාර්තාවක් තහවුරු කරයි

ශ්‍රී ලංකාවට ලබන වසරේ සියයට 4.2 ක සැලකිය යුතු...

රේල් පාරක් හදලද? තමිල්නාඩුවේ විජයගේ ෆිල්ම් එකක් රිලීස් වෙලාද?

ජනාධිපතිවරයාගේ සිට ආණ්ඩුවේ ප්‍රබලයින් පවසන ආකාරයට පසුගිය නොවැම්බර් මාසයේ...

ඉන්දීය ෆාමකෝපියා ගිවිසුම නිසා මිනිහෙක් මළත් නලින්දව හිරේ යවන්න බෑ

ඉන්දීය ෆාමකෝපියා ගිවිසුම අත්සන් කරමින් මීට පෙර නීතිවිරෝධීව සිදු...

රන්වලගේ ලයිසන් එක කැන්සල්… තුවාල නොලැබූ සැකකරු තවමත් රෝහලේ ඇයි?

හිටපු කථානායක ජාතික ජනබලවේගය පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී...