තලතා මන්ත්‍රී ධුරය අතහැර සජිත්වත් අත හරියි

සමගි ජන බලවේගය පක්ෂයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තලතා අතුකෝරාල මහත්මිය සිය මන්ත්‍රී ධුරයෙන් අද (21) ඉල්ලා අස් වී තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසූවේ පවතින ආර්ථික අර්බුදය හමුවේ තමාට තවදුරටත් මන්ත්‍රී ධුරය දැරිය නොහැකි බවයි.

එසේම තම සොහොයුරා වූ ගාමිණී අතුකෝරල මහතා මහලේකම් ධුරය දැරූ එක්සත් ජාතික පක්ෂය අද දෙකඩ වී ඇති බවත් එය තමාට දරාගැනීමට නොහැකි බැවින් මන්ත්‍රී ධුරයට අමතරව සජබ සාමාජිකත්වයෙන්ද ඉල්ලා අස්වන බව ද ඇය සඳහන් කළා.

දේශපාලනෙදි කොතෙක් ඉවත් ඉවසිය යුතුද යන්න ජේ.ආර්. ජයවර්ධන, රණසිංහ ප්‍රේමදාස මෙන්ම රනිල් වික්‍රමසිංහ මහතා ඔප්පු කර ඇතැයි ද ඇය එහිදී කියා සිටියා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමගි ජන බලවේගය පිහිටුවීමට ගත් තීරණයට තමන් විරුද්ධ බවත් සජිත් ප්‍රේමදාස දේශපාලන වශයෙන් සියදිවි නසාගෙන ඇතැයිද ඇය වැඩි දුරටත් සඳහන් කළා.

__tpx__

Latest News

More like this

රනිල් ගැන හොයන්න UK ගිය CID නිලධාරීන් නීතිපති දෙපාර්තමේන්තුවේ මීටිමකට කැඳවයි..

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට රාජ්‍ය අරමුදල් අවභාවිත කිරීම...

විදුහල්පතිවරුන් හා ගුරුවරුන්ගේ මොළවලට කණහරහා පහරක් ගැසූ සිරිමාවෝ දුව

සිරිමාවෝ බාලිකාවේ දුවක් පාසලේ වර්ණ ප්‍රදානෝත්සවයේදී කළ කතාව පෞද්ගලික...

ශ්‍රී ලංකාවේ ඩිජිටල් පපරිවර්තනය සඳහා ලෝක බැංකුවෙන් මිලියන 50ක් අනුමත කෙරේ

මෙරට ඩිජිටල් ක්ෂේත්‍රයේ නවෝත්පාදන සහ ආයෝජන ප්‍රවර්ධනය කිරීම, රජයේ...

අමෙරිකාව IS සංවිධානයෙන් පළිගැනීම ආරම්භ කරයි

එක්සත් ජනපද හමුදා සිරියාවේ ඉස්ලාමීය රාජ්‍ය (ISIS) කණ්ඩායම් ඉලක්ක...