නාමල්ගේ මංගල කතාව දකුණට සුබයි. උතුරට දුක්බරයි

තමන් කිසිවිටෙක අභියෝගවලට බිය නොවන බවත් අභියෝගවලට ආදරය කරන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා අද (21) අනුරාධපුරයේ පැවති සිය ජනාධිපතිවරණ මංගල රැළිය ආමන්ත්‍රණය කරමින් සඳහන් කර තිබෙනවා.

තමන් ප්‍රතිපත්ති මත දේශපාලනය කරන බවත්, ක්‍රියාකාරී සැලැස්මක් ඇතිව ඉදිරියට යාමට සූදානම් බව ඔහු එහිදී කියා සිටියා.

“අපි අභියෝගවලට බය නැහැ. මම අභියෝගවලට ආදරෙයි. ඒක තමයි මම මගේ පියාගෙන් ඉගෙන ගත්තේ. මම කවදාවත් කාටවත් වෛර කරන්නේ නැහැ. ඒ නිසා අපිට මඩ ගහලා වැඩක් නැහැ” 

2005 සහ 2015 වසරවල ක්‍රියාත්මක කළ කෘෂිකාර්මික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන බව පැවසූ රාජපක්ෂ මහතා ගොවීන් සඳහා පොහොර සහනාධාරයක් ලබා දෙන බවද මෙහිදී පොරොන්දු වුණා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආණ්ඩුවක් පළාත් සභාවලට පොලිස් සහ ඉඩම් බලතල ලබා නොදෙන බව පැවසූ ඔහු උතුරු නැගෙනහිර පළාත් ඒකාබද්ධ නොකරන බවද අවධාරණය කිරීම විශේෂත්වයකි.

“අපිට උතුරේ දෙමළ අම්මා තාත්තා, තරුණ තරුණියන් ඡන්ද කාලෙදි රවට්ටල වැඩක් නැහැ. රවට්ටලා පලක් වෙන්නේ නැහැ. අපට පුළුවන් දේ අපට පුළුවන් කියන්න ඕනේ. බැහැයි කියන දේ බැහැයි කියන්න ඕනේ. දමිළ අම්මේ තාත්තේ සහෝදර සහෝදරවරුනි, අපි දමිළ සංස්කෘතිය රකින්නම් අපි භාෂාව රැකලා දෙන්නම්. හැබැයි අපි උතුරු නැගෙනහිර ඒකාබද්ධ කිරීම අපි කරන්නේ නැහැ. ඒ නිසා අපිට පුළුවන් දේ පුළුවන් කියනවා, බැරි දේ දේ බැහැයි කියනවා” යයි ඔහු සඳහන් කර සිටියා.

Latest News

More like this

ඇවිළෙන්න ගිය ජාතිවාදී ගින්න නිවා දැමූ ජනපතිගේ ප්‍රකාශය

රට තුළ නැවත කිසිවිටක ජාතිවාදයට හිස එසවීමට තමන් ඉඩ...

බුදු පිළිම නාට්‍යය මගේ නම්.. රඟපාන්නේ ආණ්ඩුව… නාමල්

ත්‍රිකුණාමලය සම්බුද්ධි ජයන්ති විහාරයේ සංඝයාවහන්සේලාට පහර දුන් දෙදෙනා අත්...

පුටුවෙන් ඇද වැටුණු බැසිල් නොවැම්බර් 21 නාමල් නැගිට්ටවන්න එයි?

එළැඹෙන නොවැම්බර් 21 වැනිදා පොදු ජන පෙරමුණ සමඟ නාමල්...

බංගලාදේශ හිටපු අගමැතිනිය එල්ලුම් ගහට

බංග්ලාදේශයේ බලයෙන් පහ කරන ලද හිටපු අගමැතිනි ෂෙයික් හසීනාට...