මුස්ලිම් ප්‍රජාවගෙන් 60% ක් ඡන්ද රනිල්ට

රටේ සියලු දෙනාට බියෙන් සැකයෙන් තොරව ජීවත් වීමට සුදුසු පරිසරයක් අවශ්‍ය බැවින් මුස්ලිම් ප්‍රජාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය පල කරන බව මුස්ලිම් මන්ත්‍රීවරුන් පවසනවා.

අද කොළඹ පැවති ‘පුළුවන් ශ්‍රී ලංකා’ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍ය අලි සබ්රි මහතා සඳහන් කලේ මෙවර ජනාධිපතිවරණයේදී මුස්ලිම් ප්‍රජාවගෙන් 60% ජනාධිපතිවරයාට ඡන්දය ප්‍රකාශ කරන බවයි.

එහි දී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු මෙසේ කියා සිටියා.

“එළඹෙන ජනාධිපතිවරණය තීරණාත්මක මැතිවරණයක්. මේ මැතිවරණයේදී මුස්ලිම් ජනතාව මුස්ලිම් ප්‍රජාව ඔවුන්ගේ සිතුම් පැතුම් අපේක්ෂාවන් පිළිබඳවත් රනිල් වික්‍රමසිංහ මැතිතුමා අද වනතුරු ගෙන ගිය  වැඩසටහන පිළිබඳවත් විශ්වාසය තබනවා. විශේෂයෙන්ම අපි ඉතාමත්ම සන්තෝෂ වෙනවා මේ මැතිවරණය පසුගිය මැතිවරණ වලට වලට සාපේක්ෂව මිනිස්සු ජාති ආගම් ගැන මහලොකුවට කතා කරන්නෙ නෑ. හැමදෙනාම බලාපොරොත්තු වෙන්නේ සියලුම ශ්‍රී ලාංකිකයන් සාමයෙන් සමෘද්ධියෙන් ජීවත් වෙන්න පුළුවන් වටපිටාවක් නිර්මාණය කර ගැනීමයි.

පසුගිය අවුරුදු දෙකට සාපේක්ෂව අද ලංකාව තිබෙන දිශානතිය දිහා බලලා විශාල වශයෙන් මුස්ලිම් ජනතාව කැමැත්තෙන් ඉන්නවා ජනාධිපතිතුමාගේ වැඩපිළිවෙළ පිළිබඳව. 2022 දී වෙන කාටවත් බාරගන්න බැහැ කියපු අවස්ථාවක අවසාන වශයෙන් හැමෝම කර ඇරපු වෙලාවක ජනාධිපතිතුමා භාර අරගෙන අද මේ වෙනකොට ආර්ථිකයා යථා තත්ත්වයට පත් කරල තියෙනවා. එම නිසා අපේ සමාජය තුළ මේ අත්දැකීම් ඇති නායකයා මේ කරගෙන යන වැඩපිළිවෙළ කඩාකප්පල් කරන්න කවුරුත් කැමති නැහැ. ඇයි අපි තවත් අත් හද බැලීම් කරන්නේ ඒ නිසා එතුමාට මේ පාලනය භාර දිය යුතුයි”

Latest News

More like this

එක්සත් රාජධානියට තීරුබදු රහිතව භාණ්ඩ අපනයනය කිරීමට ලංකාවටත් වරම්..

ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවලින් සිදුකෙරෙන ආනයන...

ට්‍රම්ප්ගේ තීරුබදු ලංකාවේ අපනයන ක්ෂේත්‍රයට කරන බලපෑම

එක්සත් ජනපදය ශ්‍රී ලංකාවට පනවා ඇති තීරුබදු හේතුවෙන් ශ්‍රී...

එක්සත් ජනපදය සමඟ ද්විපාර්ශ්වික වෙළඳ ගිවිසුමක් පිළිබඳව නියෝජ්‍ය ඇමතිගෙන් ඉඟියක්

එක්සත් ජනපද තීරු බදු ක්‍රියාත්මක වන අගෝස්තු 1 වන...

සිය හෝටලය විනාශ කළ බව පිළිගත් අරගලකරුවන්ට ජොන්ස්ටන් සමාව දෙයි

2022 වසරේ මැයි මස 09 වනදා ගාලු මුවදොර ගෝඨා...
error: Content is protected !!