2024 පළමු මාස 06 තුළ අමෙරිකානු ඩොලර් බිලියන 09ක අපනයන ආදායමක් 

මෙම වසරේ ගතවුණු මාස හය තුළ අමෙරිකානු ඩොලර් බිලියන නවයක ( 09) අපනයන ආදායමක් ලබා ඇති බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසනවා.

එසේම පසුගිය මාස හයක කාලයක තුළ ශ්‍රී ලංකාව අමෙරිකානු ඩොලර් මිලියන 800ක පමණ ආයෝජන සඳහා ගිවිසුම් ගත වී ඇති බවද රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දී තිබෙනවා.

ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා මේ බව සඳහන් කර සිටියේ ‘දෙවසරක ප්‍රගතිය සහ ඉදිරිය’ යන මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ අද (21) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

Latest News

error: Content is protected !!