ඇමරිකාවේ කළු ජාතික හා පළමු ජනපතිනිය, බලයට ගේන්න ඔබාමා සටනට බහී

ඇමරිකා එක්සත් ජනපදයේ චිකාගෝ හි පැවත්වුණු ඩිමොක්‍රටික් ජාතික සමුළුවේ දෙවැනි දිනයේ එක්සත් ජනපද හිටපු ජනාධිපති බැරැක් ඔබාමා සහ ඔහුගේ බිරිඳ මිෂෙල් ඔබාමා පක්ෂ අපේක්ෂක කමලා හැරිස්ට සහයෝගය දක්වමින් ඊට එක් වුණා.

ඔවුන් දෙදෙනා එහි දී වර්ණවත් දේශන දෙකක් සිදු කළ අතර දෙදෙනාම සඳහන් කළේ එක්සත් ජනපදයට නව පරිච්ඡේදයක් ආරම්භ කිරීම සඳහා හැරිස්ට ඡන්දය ලබා දෙන ලෙසයි.කමලා හැරිස් විශ්වාස කරන්නේ “අපි ජනතාව” සියලු දෙනාම ඇතුළත් ඇමරිකාවක් ගැනයි. එබැවින් ඇය ජයග්‍රහණය කරවීම සඳහා ‘ඉතින් අපි වැඩ්ට බහිමු’ යැයි ඔහු ඇමරිකානුවන්ගෙන් ඉල්ලා සිටියා.

දින හතරක් පුරා පැවැත්වෙන මෙම ඩිමොක්‍රටික් සමුළුව මගින් ජනාධිපති අපේක්ෂකයා ලෙස කමලා හැරිස්ව නිල වශයෙන් අභිෂේක කරන කරනු ලබන සමුළුවයි.

ආවේගශීලීව තම අදහස් පළ කර ඇති හිටපු අමෙරිකානු ජනපති බැරක් ඔබාමා මෙහිදී අවධාරණය කර ඇත්තේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ චිත්‍රපටය මීට පෙර අමෙරිකානුවන් දැක ඇති බවයි.

ඒ නිසා නැවතත් ඔහුගේ රංගනයක් නැරඹීමට අමෙරිකානුවන්ට අවශ්‍ය නැති බව සිහි තබාගෙන උප ජනපති කමලා හැරිස් ජනපති බවට පත් කළ යුතු බව ඔහු අවධාරණය කර තිබෙනවා.

Latest News

More like this

මහින්ද වගේ නීතිය වේවැලක් කරගන්න.. පැරණි මිතුරා විමල්ගෙන් ජනපති අනුරට පරිපාලන පාඩමක්

නියම නායකයින් නීතිය උණ ගහක් කර නොගන්නා බවත් හොඳින්...

අවුරුදු 5 කට විශ්‍රාම වැටුපක් ගෙවීම මේ ග්‍රහලෝකේ කිසිම තැනක සිද්ධ වෙන්නෙ නැහැ – රන්ජන් රාමනායක

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීම පිළිබඳ සිය පූර්ණ...

වෙනිසියුලාවේ ජනපති මන්දිරය අසල යළිත් වෙඩි තැබීම්

වෙනිසියුලාවේ ජනාධිපති මන්දිරය අසල සඳුදා රාත්‍රියේ යළිත් වෙඩි තැබීමක්...

මෝදිත් ට්‍රම්ප්‍ට යටත් වේ.. රුසියානු තෙල් මිලදී ගැනීම පහළ දමයි…

ඉන්දීය භාණ්ඩ සඳහා සියයට 50 ක තීරු බදු පැනවීමෙන්...