වෛද්‍යවරුන් විදෙස්ගත වීමෙන් ඇඹිලිපිටියේ හදිසි සැත්කම් ඇනහිටී !

ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි සැත්කම් සහ දැඩි සත්කාර ඒකකයේ කටයුතු සති දෙකක් තිස්සේ ඇනහිට ඇති බව වාර්තා වේ.

ඒ, එම රෝහලෙහි සේවයෙහි නියුතුව සිටි නිර්වින්දන වෛද්‍යවරුන් විදෙස්ගත වීම හේතුවෙනි.

එහි රාජකාරියෙහි නියුතුව සිටි නිර්වින්දන වෛද්‍යවරුන් දෙදෙනාම විදෙස්ගතව තිබුණු අතර ඔවුන් වෙනුවට වෙනත් නිර්වින්දන වෛද්‍යවරියක් ඊට අනුයුක්ත කර ඇතත් ඇය ද පසුගියදා අධ්‍යයන කටයුතු වෙනුවෙන් විදෙස්ගත වී ඇති බව සඳහන්.

ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහරෝහල යනු රත්නපුර, මාතර, මොණරාගල, හම්බන්තොට ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයකම ජනතාව ප්‍රතිකාර සහ සැත්කම් සඳහා පැමිණෙන රෝහලකි.

Latest News

More like this

හරිනි වෙනුවෙන් අලවංගුවක් නොවී සිටීමට අනුරට හැකි වේවිද?

අනුර කුමාර දිසානායක මහතාට නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස දිවුරුම්...

අගමැතිනියට එරෙහිව විශ්වාසභංගයක්..

ජාතික ජන බලවේගය රජය 2026 සිට ක්‍රියාත්මක කිරීමට යෙදුණු...

අනාගත බල පෙරළියකට “රොස්මිඩ් වලව්ව” සූදානම්…

මෙරට දේශපාලන ඉතිහාසය තුළ බල පෙරළීන් ගණනාවක කේන්ද්‍රස්ථානය වූ...

වෙනිසියුලාවේ තත්ත්වය ගැන ශ්‍රී ලංකාවේ දැඩි කණස්සල්ල පළ කෙරේ

වෙනිසියුලාවේ මෑත කාලීන තත්ත්වය පිළිබඳව ශ්‍රී ලංකා රජය දැඩි...