වෛද්‍යවරුන් විදෙස්ගත වීමෙන් ඇඹිලිපිටියේ හදිසි සැත්කම් ඇනහිටී !

ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි සැත්කම් සහ දැඩි සත්කාර ඒකකයේ කටයුතු සති දෙකක් තිස්සේ ඇනහිට ඇති බව වාර්තා වේ.

ඒ, එම රෝහලෙහි සේවයෙහි නියුතුව සිටි නිර්වින්දන වෛද්‍යවරුන් විදෙස්ගත වීම හේතුවෙනි.

එහි රාජකාරියෙහි නියුතුව සිටි නිර්වින්දන වෛද්‍යවරුන් දෙදෙනාම විදෙස්ගතව තිබුණු අතර ඔවුන් වෙනුවට වෙනත් නිර්වින්දන වෛද්‍යවරියක් ඊට අනුයුක්ත කර ඇතත් ඇය ද පසුගියදා අධ්‍යයන කටයුතු වෙනුවෙන් විදෙස්ගත වී ඇති බව සඳහන්.

ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහරෝහල යනු රත්නපුර, මාතර, මොණරාගල, හම්බන්තොට ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයකම ජනතාව ප්‍රතිකාර සහ සැත්කම් සඳහා පැමිණෙන රෝහලකි.

Latest News

error: Content is protected !!