Google හා අසභ්‍ය වෙබ් අඩවිවල ඉන්දියාව වැඩියෙන්ම සොයා ඇත්තේ දූෂණය කර මරාදැමූ වෛද්‍යවරියගේ වීඩියෝ

2022 සිට ඉන්දියාවේ සෑම විනාඩි 16 කට වරක් ස්ත්‍රී දූෂණයක් වාර්තා වන බව ජාතික අපරාධ වාර්තා කාර්යාංශය (NCRB) පෙන්වා දී තිබූ කාරණාවකි.

කොල්කටාහි RG Kar වෛද්‍ය විද්‍යාලයේ සහ රෝහලේ සේවය කළ 31හැවිරිදි වෛද්‍යවරියක් අතවරයට ලක් කර ඝාතනය කිරීමේ සිදුවීමෙන් පසු දින කිහිපය තුළ නැවතත් මේ පිළිබඳව විශාල කතිකාවක් නිර්මාණය වුණා.

නමුත් මෙම සිදුවීමේ සන්දර්භය තුළ තවත් කණගාටුදායක පැතිකඩක් අනාවරණය වී ඇති බව වාර්තාවක් පෙන්වා දී තිබෙනවා.

මෙම සිදුවීම අගෝස්තු 09 වැනි දා වාර්තා වූ දා සිට Google හි ඉහළම ප්‍රමාණයක් සොයා ඇත්තේ ඇගේ නම සහ නම සඳහන් කළ වීඩියෝ බව එම වාර්තාව පෙන්වා දුන්නා.

එය ඇගේ සිදුවීම පිළිබඳ තොරතුරු සෙවීමට එහා ගිය දෙයක් බවත් අසභ්‍ය වෙබ් අඩවිවල (Porn) පවා ඇයගේ අතවරයට අදාළ වීඩියෝ සොයා ඇතැයි වාර්තාව වැඩි දුරටත් සඳහන් කර තිබෙනවා. 

මේ පිළිබඳ අදාළ වාර්තාවෙන් පසු WION පුවත් සේවය මඟින් කරනු ලැබූ විමර්ශනයකදී ද එය තහවුරු වූ බව ඔවුන් පවසනවා.

එහිදී හෙළි වූයේ වින්දිත වෛද්‍යවරියගේ නමට පසුව “වීඩියෝ”, “ස්ත්‍රී දූෂණ වීඩියෝ” වැනි යෙදුම් ඉන්දියාවේ විශේෂයෙන් පසුගිය දින හත තුළ ජනප්‍රියම සෙවුම් අතරට පත්ව ඇති බවයි.

Latest News

More like this

ග්‍රීන්ලන්තය ආක්‍රමණය කළොත් ඩෙන්මාර්කයේ පළමු පියවර හෙළි කරයි

එක්සත් ජනපදය ග්‍රීන්ලන්තය ආක්‍රමණය කළහොත් සොල්දාදුවන් පළමුව වෙඩි තබා...

මහින්ද වගේ නීතිය වේවැලක් කරගන්න.. පැරණි මිතුරා විමල්ගෙන් ජනපති අනුරට පරිපාලන පාඩමක්

නියම නායකයින් නීතිය උණ ගහක් කර නොගන්නා බවත් හොඳින්...

අවුරුදු 5 කට විශ්‍රාම වැටුපක් ගෙවීම මේ ග්‍රහලෝකේ කිසිම තැනක සිද්ධ වෙන්නෙ නැහැ – රන්ජන් රාමනායක

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීම පිළිබඳ සිය පූර්ණ...

වෙනිසියුලාවේ ජනපති මන්දිරය අසල යළිත් වෙඩි තැබීම්

වෙනිසියුලාවේ ජනාධිපති මන්දිරය අසල සඳුදා රාත්‍රියේ යළිත් වෙඩි තැබීමක්...