ජනපතිට සහාය පළ නොකළ පොහොට්ටු මන්ත්‍රීවරුන්ගෙත් විමධ්‍යගත අරමුදල් හා වරප්‍රසාද කප්පාදු වේ

මේ සතියේ සිරස නාලිකාව ඔස්සේ විකාශය වූ සටන වැඩසටහන අතරතුර ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික මිලින්ද රාජපක්ෂ මහතා මන්ත්‍රීවරුන්ගේ විමධ්‍යගත අරමුදල් කප්පාදුව පිළිබඳ අනාවරණය කිරීමක් සිදු කළා.

පසුගිය සතියේ මැතිවරණ කොමිසමට ලිඛිත පැමිණිල්ලක් කරමින් සමස්ත ලංකා මක්කල් කොංග්‍රසයේ (ACMC) නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුයුර්දීන් මන්ත්‍රීවරයා ද තමන් සමගි ජන බලවේගයට සහයෝගය දෙන බව ප්‍රකාශ කිරීමත් සමඟ විමධ්‍යගත අරමුදලෙන් දිස්ත්‍රික්ක හයක් සඳහා වෙන් කළ මුදල් ප්‍රතිපාදන ජනාධිපති ලේකම් කාර්යාලය ඔස්සේ නතර කළ බවට චෝදනා කර සිටියා.

ඔහු පැවසූ ආකාරයට නතර කළ අරමුදල්වල වටිනාකම රුපියල් මිලියන 200කට අධිකය.

මිලින්ද රාජපක්ෂ සටන වැඩසටහනේ දී ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය ලබා නොදුන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ගේ ප්‍රතිපාදන ද ඒ අයුරින්ම කප්පාදු කර ඇති බවයි.

“පළමුවෙනියෙන් මේක වුණේ අපේ කළුතර දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපතිතුමා සංජීව එදිරිමාන්නට. ඔහු ජනාධිපතිවරයාට සහයෝගය දෙන්නෙ නෑ කියල තීරණය කළ පළමුවෙනි මොහොතෙම ඔහුගේ වාහනේ ආපහු ගත්තා. දිස්ත්‍රික් සංවර්ධනය සඳහා ලබා දුන්නු මුදල් ටික අයින් කරා.

ඊළඟට නිපුණ රණවක මන්ත්‍රීවරයාගේ ඔහු දිස්ත්‍රික් කමිටු සභාපතිවරයා මාතර. ඔහු ජනාධිපතිවරයාට සහයෝගය පළ කරන්නෙ නෑ කියලා ඔහුගේ පැත්තෙන් පණිවිඩය ගිය පළමු මොහොතේම ඔහුගෙත් වාහන අයිති කරා. ඔහුගෙත් ප්‍රතිපාදන අයින් කරා.

මේ විදියට ජනාධිපතිවරයාට සහයෝගය නොදෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දිස්ත්‍රික් කමිටු සභාපතිවරුන්ට ලබා දී ඇති වාහන, මුදල් ප්‍රතිපාදන වහාම නතර කිරීමට පියවර ගත් බවයි ඔහු සඳහන් කළේ.”

Latest News

More like this

30% තීරුබදු අඩු කර ගැනීමට ආණ්ඩුවෙන් දෙවැනි මෙහෙයුමක්…

ශ්‍රී ලංකාවෙන් ආනයනය කරනු ලබන භාණ්ඩ සඳහා ඇමරිකානු රජය...

ජනපති අපනයන ක්ෂේත්‍රයේ පාර්ශවකරුන් හමුවෙයි

අමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවෙන් එරටට ආනයනය කරනු ලබන...

SLIIT මගඩිය ගැන මෛත්‍රී, රනිල් ඇතුළු යහපාලන කැබිනට් මණ්ඩලයටම චෝදනා

මහපොළ ශිෂ්‍යත්ව අරමුදල යටතේ ඇති ආයතනයක් වන SLIIT ආයතනයට...

හෂාන් තිලකරත්නගේ බිරිඳ අප්සාරි නිතී විරෝධී වැඩක් කරයි

හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක හෂාන් තිලකරත්න මහතාගේ බිරිඳවන...
error: Content is protected !!