තායිලන්තයෙන් mpox නව භයානක ප්‍රභේදයේ පළමු රෝගියා වාර්තා වේ

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ගෝලීය මහජන සෞඛ්‍ය හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කර ඇති mpox රෝගයේ නව භයානක ප්‍රභේදයේ සැක සහිත පළමු රෝගියා තායිලන්තයෙන් වාර්තා වූ බව එරට සෞඛ්‍ය අංශ ඊයේ (21) නිවේදනය කළා.

මෙම රෝගියා අගෝස්තු 14 වන දින බැංකොක් වෙත පැමිණ ඇති අතර පසුදා උදෑසන mpox රෝග ලක්ෂණ සහිතව රෝහලට යවන ලද බව සෞඛ්‍ය අංශ පවසනවා.

අප්‍රිකානු රටක සිට තායිලන්තයට පැමිණ ඇති 66 හැවිරිදි යුරෝපීය ජාතික ආසාදිත පුද්ගලයා මේ වන විට නිරෝධායනයට ලක් කර තිබෙනවා.

ප්‍රභේදය තහවුරු කර ගැනීම සඳහා රසායනාගාර පරීක්ෂණ සිදු වෙමින් පවතින නමුත් බලධාරීන් විශ්වාස කරන්නේ එය මේ දිනවල පැතිර යන Clade 1 ප්‍රභේදය බවයි.

Latest News