රිලා රංචුවක් නිසා ගම්මු නිවෙස් තුලට වී දොරවල් වහගනිනි..

අඹගමුව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ ගම්මාන කිපයකම පවතින රිලා කරදර හේතුවෙන් එම ගම්මානවල බොහෝ පිරිසක් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත.

අඹගමුව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ පේරගහාමුල, දාගම්පිටිය, ඇල්ලඋඩ, පේරගොල්ල, හොරකඩ, ජම්බුතැන්න, බදුපොල, පොල්පිටිය, කලුගල, පිටවල, වැනි ගම්මානවල මෙම රිලා උවදුර දැඩි ලෙස පවතින බව එම ප්‍රදේශවල පිරිසක් පවසති.

මෙම තත්වයන් පිලිබදව වැඩි දුරටත් අදහස් දක්වන එම ප්‍රදේශවල බොහෝ පිරිසක් පවසනුයේ තම ගම්මානවල සැරි සරන රිලා රංචු තම ගෙවතුවල ඉතා දුක් මහන්සියෙන් තමන් සිදු කරන වගාවන් විනාශ කිරිමත් සමග තමන් දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවත්ය.

එමෙන්ම මෙම රිලා රංචු තම නිවාසවලට පැන නිවාස තුල පවතින දොර ජනෙල් තිර රෙදි, තම ඇදුම්, ඇතුළු නිවාස තුල පවතින විවිධ දේවල් විනාශ කරන බවත් තම කුස්සිවල උයා තිබෙන බත් වැංජන හට්ටි පිටින් ඔසවාගෙන ගොස් විනාශ කරන බවද එම පිරිස් පවසති.

මෙම තත්වයන් මත තමන්ට නිවාසවල දොර ජනෙල් වසා ගෙන සිටිමට සිදුව ඇති බවත් තම ඇදුම් සොදා වෙලා ගැනිමට හෝ එලියට දැමිමට නොහැකි තත්වයක් පවතින බවද එම පිරිස් පවසති.

මෙම රිලා රංචු හේතුවෙන් තමන් දැනට දිගු කලක සිටම මෙසේ විවිධ දුෂ්කරතාවයන්ට පත්වන බවත් මෙම තත්වයන් පිලිබදව අවදානය යොමු කර මෙම රිලා රංචු අල්ලා වෙනත් කැලැබද ප්‍රදේශයකට රැගෙන යාමට අදාල නිලධාරින් පියවර ගන්නේ නම් එය තමන්ට කරනු ලබන විශාල සහනයක් බවද එම පිරිස් වැඩි දුරටත් පවසති.

– මනුර සුදත් සෙල්ලහේවා

Latest News

More like this

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් විධායක ජනාධිපති ධුරය අහෝසි කරනවා… අගමැතිනි හරිනි

ජාතික ජන බලවේගයේ 'ලස්සන රටක් පොහොසත් ජීවිතයක්' ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන්...

ජනමාධ්‍ය වෙත ප්‍රකාශ ලබා දීම හේතුවෙන් වෛද්‍ය බෙල්ලනගේ වැඩ තහනම්…

ජාතික රෝහලේ වැඩබලන නියෝජ්‍ය අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ රුක්ෂාන්...

උමා ඇළට පිරිත් පැන් දැමූ සමන්ත විද්‍යාරත්නට චාමරගෙන් හාදු වැස්සක්

ආණ්ඩුව ආගමානුකූල වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත්...

රන්වලගේ සිදුවීමේ දී පොලිස් නිලධාරීන් රාජකාරී පැහැර හැර ඇති බව තහවුරු වේ

ජාතික ජනබලවේග ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතාගේ...