ඉන්දීය ඖෂධ කම්හලක පිපිරීමක්: 17 දෙනෙකු මිය ගොස් 30 දෙනෙකු බරපතල රසායනික පිළිස්සුම්වලට ලක්වෙලා

ඉන්දීය ඖෂධ කම්හලක සිදුවූ පිපිරීමකින් අවම වශයෙන් 17 දෙනෙකු මිය ගොස්  30 දෙනෙකු පිළිස්සීමෙන් දරුණු තුවාල ලබා ඇති බව පොලිසිය පවසනවා.

The Hindu පුවත්පතේ වාර්තාවක් පවසන්නේ පිපිරුමේ බලය කෙතරම් ප්‍රබලවීද යත් එය එම ස්ථානය පුරා කැඩී ගිය සිරුරු කොටස් විසිරී පැවති බවයි.

ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ අන්කාපල්ලි දිස්ත්‍රික්කයේ ඖෂධ කම්හලක බදාදා (21) පස්වරුවේ ගින්න හටගෙන තිබුණා.

කෙසේ වෙතත් මේ වන විට ගොඩනැගිල්ල තුළ කිසිවකු සිරවී නොමැති බවත් මුදාගැනීමේ මෙහෙයුම් අවසන් වී ඇති බවත් පොලිසිය පවසා තිබෙනවා.

ගින්නට හේතුව ගෑස් කාන්දුවක් බවට විශ්වාසය පෙළ කෙරේ.

පිපිරීමට හසුවූවන් බිහිසුණු රසායනික පිළිස්සුම්වලට ලක් වූ බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

“එය බිහිසුණු, හද කම්පා කරවන සුළුයි”දිවි ගලවා ගත් අය ගිලන්රථ වෙත ගෙන යන විට ඔවුන් විඳි වේදනාව පිළිබඳ විස්තර කරමින් පොලිසිය පවසා තිබෙනවා

Latest News

More like this

පරිස්සමෙන්.. ගංවතුරට අහුවුණ සහල් වෙළඳපොළට බෙදාහරින ජාවාරමක්

මහනුවර දිස්ත්‍රික්කයේ හාරිස්පත්තුව ප්‍රදේශයේ ගංවතුරෙන් හානි වූ පරිභෝජනයට නුසුදුසු...

වටගලගේ නියෝගයෙන් පසු හදිසි නීතිය යටතේ පොලිසිය වැඩට බහී..

ජනාධිපතිවරයාට හා ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට එරෙහිව සමාජ මාධ්‍ය ඔස්සේ...

'ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීමේ අරමුදලට' මේ දක්වා රුපියල් මිලියන...