එළැඹෙන සැප්තැම්බර් 21 වන දා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයෙන් ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව තමන්ට උදාවන්නේ කවර තත්ත්වයක් දැයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන් අතර සාකච්ඡා වී ඇති බව ජාතික ජන බලවේගයේ විධායක සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මේ වන විට ඉතිරිව සිටින මන්ත්‍රීවරුන් කිහිපදෙනා අතර පැවති සාකච්ඡාවකදී මධුර විතානගේ මන්ත්‍රීවරයා විසින් මෙය මෙම කාරණාව මතු කර ඇති බවයි ඔහු පැවසුවේ.
ඔහු මෙබව සඳහන් කළේ අද (22) බණ්ඩාරගම නගරයේ පැවැති ජාතික ජන බලවේගයේ ජනරැළියක් අමතමින්.
අනුර කුමාර දිසානායක මහතා මෙම ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා දරුණු ලෙස සිදුවිය හැකි බවට පූර්ව මතයක් ගොඩ නැගීමේ උත්සයක්ද ක්‍රියාත්මක වන බව ඔහු මෙහිදී කියා සිටියා.
එම මත සියල්ල ප්‍රතික්ෂේප කරමින් ඔහු සඳහන් කළේ 2022 සැප්තැම්බර් 22 වැනි දා උදා වෙන්නේ වාර්තාගත ජයග්‍රහණය, ඉතිහාසයේ සාමකාමීම මැතිවරණය සහ සාමකාමීම පශ්චාත් මැතිවරණ සමය සමඟ බවයි.
“අද උදේ තිබුණලු පොහොට්ටුවේ සාකච්ඡාවක්. පොහොට්ටුව කිව්වට දැන් පෙත්ත පෙත්ත ගැලවිලා ගිහිල්ලා නට්ට විතරයි ඉතුරු. ඒ සාකච්ඡාවේදී ඒ පක්ෂ ඉතුරු වෙලා ඉන්න මන්ත්‍රීවරු කිහිදෙනා සාකච්ඡා කරල තියෙනවා සැප්තැම්බර් 21 ජනාධිපතිවරණයෙන් අනුර කුමාර දිසානායක ජයග්‍රහණය කළාම. මධුර විතානගේ තමයි මේ කාරණය මතු කරලා තියෙන්නේ. ඒගොල්ලොන්ට ජීවිත තර්ජනයක් එනවා කියලා. පළවෙනි වැඩේ ගහමුද අප්පුඩියක් මධුරට 21 ප්‍රතිඵලය කිව්වට.
ජාතික ජන බලවේගය මේ රටේ ප්‍රධාන වශයෙන් විශ්‍රාමික හමුදාව එකතු කරගෙන යනවා. පොලිසිය එකතු කරගෙන යනවා. මේ අය එහෙම එකතු වෙනකොට දැන් සක්‍රීය සේවයේ ඉන්න අයත් දැන් මාලිමාව දිහාට හැරෙන්න පටන් අරගෙන තියෙනවා.
දැන් මේ විශ්‍රාමික හා සක්‍රීය සේවයේ ඉන්න අය ජාතික ජන බලවේගයත් එක්ක එකතු වෙනවට තමයි මධුරලා බය වෙලා තියෙන්නේ.
දැන් කියන්න හදනවා මේගොල්ලෝ ද්‍රෝහියෝ රටේ සාමය කඩාකප්පල් කරන්න කුමන්ත්‍රණය කරන අය කියලා.”