පශ්චත්තාපයක් නෑ.. ඡන්ද තියන්න බැරිවුණ හේතුව රනිල් කියයි

පළාත් පාල මැතිවරණය කල් දැමීම ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩකිරීමක් බව පැවසුව ද එම මැතිවරණය පැවැත්වීමට නොහැකි වූයේ ජනතාවගේ ජීවත්වීමේ අයිතිය සුරක්ෂිත කිරීම වෙනුවෙන් එම කාලය කැප කිරීම නිසා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසා තිබෙනවා.

එබැවින් පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට නොහැකි වීම පිළිබඳ තමා කණගාටු නොවන බවයි ජනාධිපතිවරයා පවසන්නේ.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ පළාත් පාලන මැතිවරණය නිසි කලට පවත්වා නොමැති බැවින් ජනාධිපතිවරයා ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ කර ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණය අද (22) දිනයේ ලබාදුන් නියෝගය පිළිබඳ සඳහනක් කරමින්.

ජනතාවගේ ඡන්ද අයිතිය සුරැකීමට මෙන්ම ජීවත්වීමේ අයිතියද සුරැකීමට තමා කැපවී සිටි බව ඔහු සඳහන් කළා.

ඔහු මේ බව සඳහන් කළේ මහරගම තරුණ සේවා සභා ශ්‍රවණාගාරයේ පැවති නව ජනතා පෙරමුණේ ජාතික සම්මල සම්මේලනය අමතමින්.

ඉකුත් වසරේ මාර්තු මස 09 වනදා නියම කළ පරිදි පළාත් පාලන ඡන්ද විමසීම නොපැවැත්වීම තුළින් මැතිවරණ කොමිසමේ සාමාජිකයින් හා මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා  මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවයි ඒ සම්බන්ධයෙන් ඉදිරිපත් වූ පෙත්සම් කිහිපයක් විභාගයට ගනිමින් ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේ.

ඒ අනුව හැකි ඉක්මනින් පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට පියවර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය මැතිවරණ කොමිසමට නියම කරනු ලැබුවා.

Latest News

More like this

පරිස්සමෙන්.. ගංවතුරට අහුවුණ සහල් වෙළඳපොළට බෙදාහරින ජාවාරමක්

මහනුවර දිස්ත්‍රික්කයේ හාරිස්පත්තුව ප්‍රදේශයේ ගංවතුරෙන් හානි වූ පරිභෝජනයට නුසුදුසු...

වටගලගේ නියෝගයෙන් පසු හදිසි නීතිය යටතේ පොලිසිය වැඩට බහී..

ජනාධිපතිවරයාට හා ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට එරෙහිව සමාජ මාධ්‍ය ඔස්සේ...

'ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීමේ අරමුදලට' මේ දක්වා රුපියල් මිලියන...