ආදායම් වාර්තා එළි දැක්වේ: ධනවත්ම ජනපති අපේක්ෂක දිලිත්.. දුප්පත්ම අපේක්ෂක රනිල්..

ඉදිරි ජනාධිපතිවරණයට තරඟ වදින අපේක්ෂකයන් තිස් නව දෙනා මැතිවරණ කොමිෂන් සභාවට ලබා දුන් වත්කම් හා බැරකම් ප්‍රකාශ අල්ලස් හෝ දූෂණ කොමිෂන් විමර්ශන සභාව විසින් ප‍්‍රසිද්ද කර තිබෙනවා.

ඒ අනුව අදාළ ප්‍රකාශවල හෙළි නොකළ යුතු බවට දන්වා ඇති තොරතුරු හැර අනෙක් තොරතුරු එම කොමිසමේ වෙබ් අඩවියේ පළ කර තිබුණා.

එම වාර්තාව අනුව අඩුම මාසික ආදායමක් ලබන ජනාධිපති අපේක්ෂකයා වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වන අතර වැඩිම මාසික ආදායමක් ලබන අපේක්ෂකයා වන්නේ දිලිත් ජයවීරයි.

එහි දැක්වෙන ආකාරයට ප්‍රධාන අපේක්ෂකයන්ගේ වත්කම් මෙසේය.

රනිල් වික්‍රමසිංහ – වැටුප රුපියල්97,500
බෙන්ස් රථ දෙකක් සහ ජීප් රථයක්

සජිත් ප්‍රේමදාස – රුපියල් 295,681.14ක්
ඩබල් කැබ් රථ දෙකක් ප්‍රාඩෝ ජීප් රථයක්, බෙන්ස් මෝටර් රථයක් සහ ලෑන්ඩ් කෲෂර් ජීප් රථයක්

අනුර කුමාර දිසානායක – රුපියල් 202,517.34ක්
ඩබල් කැබ් රථයක්

නාමල් රාජපක්ෂ – රුපියල් 454,285
ටොයොටා ලෑන්ඩ් කෲෂර් ජීප් රථයක්

විජයදාස රාජපක්‍ෂ – වැටුප සහ දීමනා රුපියල් 280,000, ලෝටස් හෝල්ඩිං සමාගම් අධ්‍යක්ෂ ලෙස මාසික දීමනාවල එකතුව රුපියල් 1,345,000ක්
ටොයොටා v8 ජීප් රථයක්

ජනක රත්නායක – රුපියල් 2,50,000ක්
පෝර්ඩ් ජීප් රථයක් සහ බෙන්ස් මෝටර් රථයක්

සරත් ෆොන්සේකා – රුපියල් 54,285 සහ දීමනා 263,500
වාහනය ටොයොටා ලෑන්ඩ් කෲෂර් ජීප් රථය

රොෂාන් රණසිංහ – මන්ත්‍රී වැටුප රුපියල් 65,000, දීමනා රුපියල් 340,000 ව්‍යාපාරික වැටුප රුපියල් 500,000), ජපානයේ විදේශ වැටුප රුපියල් ලක්‍ෂ තිහ
වාහනය මස්ට්ටෑන්ග් මෝටර් රථය

දිලිත් ජයවීර – මාසික දීමනා 16,500,000

__tpx__

Latest News

More like this

දිට්වා ගැන ඉන්දීය කාලගුණ අංශ පූර්ව අනතුරු ඇඟවුම් කළ බව ජ්‍යාත්‍යන්තර මාධ්‍ය රැසක් තහවුරු කරයි

දිට්වා සුළි කුණාටුව සම්බන්ධයෙන් ශ්‍රි ලංකාවේ කාලගුණ අංශ මෙන්ම...

විපතක දී ඉතිහාසයේ ගෙවූ දැවැන්තම වන්දිය ජනපති අනුරගෙන්

ස්වභාවික ආපදාවකදී මෙතෙක් ඉතිහාසයේ රජයක් ලබා දුන් දැවැන්තම වන්දි...

හෙලිකොප්ටරයෙන් ගොඩ බැස්සේ 2029 පොදු අපේක්ක්ෂයා ද?

ජනප්‍රිය ටියුෂන් ගුරුවරයෙකු වන 'දිනේෂ් මුතුගල සර්' ආපදාවන්ට ලක්...

දහස් ගණනකගේ කුසගිනි නිවූ විජේරාමේ ප‍්‍රජා මුළුතැන්ගෙය..

විජේරාමේ ප‍්‍රජා මුළුතැන්ගෙය කියන්නේ රටම ආපදාවට පත් වුණාට පස්සේ...