නිරෝෂන් දික්වැල්ල කොකේන් පාවිච්චි කළ බව පාපෝච්චාරණය කරයි

ශ්‍රී  ලංකා ක්‍රිකට් ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල තමන් කොකේන් මත්ද්‍රව්‍ය පාවිච්චි කර ඇති බව කොළඹ ජාතික ක්‍රීඩා විද්‍යායතනයේදී අද(22) පැවැති විනය පරීක්ෂණයකදී පිළිගෙන ඇති බව අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

නිරෝෂන් දික්වැල්ලට එරෙහිව කොළඹ ජාතික ක්‍රීඩා විද්‍යායතනයේදී අද විනය පරීක්‍ෂණයක් පැවතුණේ පහුගිය LPL තරගාවලිය අතරතුරක සිදු කරනු ලැබූ පරීක්ෂණයකදී ඔහු යම්කිසි මත්ද්‍රව්‍යක් ගෙන ඇති බවට චෝදනා එල්ල වීම වීම හේතුවෙන්.

මෙවර LPL තරගාවලිය අතරතුර ශ්‍රී ලංකා තහනම් උත්තේජක මර්ධන නියෝජිත ආයතනය ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් කිහිපදෙනෙකුගෙන් ලබාගත් මුත්‍රා සාම්පල අතරින් නිරෝෂන් දික්වැල්ලගෙන් ලබාගත් සාම්පලවල කිසියම් තහනම් මත්ද්‍රව්‍යක් අඩංගු බවට අනාවරණය වුණා.

එහිදී සැක මතු වුණේ දික්වැල්ල කොකේන් මත්ද්‍රව්‍ය ලබා ගත්තාද යන්න පිළිබඳවයි.

එහි වාර්තාව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත ලබාදීමට ශ්‍රී ලංකා තහනම් උත්තේජක මර්දන නියෝජිතායතනය කටයුතු කිරීමත් සමග ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වහාම ක්‍රියාත්මක වන පරිදි දික්වැල්ලට සියලුම ආකාරයේ ක්‍රිකට් තහනමක් පැනවීමට කටයුතු කළා.

ජාතික ක්‍රීඩා විනය කමිටුව හමුවේ දික්වැල්ලට එරෙහිව විනය පරීක්ෂණයක්ද අද පැවැත්වනු ලැබුවේ ඒ අනුවයි.

අදාළ විනය පරීක්ෂණය සඳහා පෙනී සිටීමට දික්වැල්ල අද ඔහුගේ නීතිඥවරයා සමග සමග ජාතික ක්‍රීඩා විද්‍යායතනය වෙත පැමිණ තිබුණා.

එහිදී ඔහු කොකේන් මත්ද්‍රව්‍ය පාවිච්චි කළ බව පිළිගත් බවයි අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

පැය එකහමාරකට අධික වේලාවක් පැවති එම විනය පරීක්ෂණයෙන් අනතුරුව පිටතට පැමිණි දික්වැල්ල මාධ්‍ය හමුවේ පැවසුවේ  කිසිදු ප්‍රශ්නයක් නොමැති බවයි.

Latest News

More like this

අපේ ක්‍රීඩකයින් පාකිස්තානයේදී ගත් තීරණය පිටුපස තුන්වැනි පාර්ශවයක්

පාකිස්ථාන තරග සංචාරයේ නිරත ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් පිරිසක්...

ඉන්දික ගමගේ ඩුබායි T100 Dubai 2025 තරගයේ ලෝකඩ පදක්කම දිනාගනී

පසුගියදා ඩුබායි හි පැවති 2025 - ඩුබායි T100 Traithlon...

බෙල්ජිම් මැරතන් තරගයේ දී ශ්‍රී ලංකාවේ JOYSON JAFFRY දක්ෂතා අතරට

2025 Brussels Airport Marathon - අර්ධ මැරතන් ධාවන තරගයේ...

LPL: ‘දඹුල්ල තන්ඩර්ස්’ කණ්ඩායමේ හිමිකරුට අධි චෝදනා

ඉකුත් වසරේ පැවති LPL ක්‍රිකට් තරගාවලියේදී එම තරගාවලියට සහභාගි...