කළුතර දැරියගේ ඝාතනයේ ප්‍රධාන සැකකරු අල්ලයි!

කළුතර බාලිකා විදුහලේ 11 වසරේ ඉගෙනුම ලබමින් සිටි 16 හැවිරිදි පාසල් සිසුවියක පස් මහල් ගොඩනැගිල්ලකින් ඇදවටී මියයාම සම්බන්දයෙන් සොයමින් සිටී ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගැනීමට කළුතර දකුණ පොලිසිය සමත්ව තිබේ.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කළුතර ඉසුරු උයනේ පදිංචි 29 හැවිරිදි සීසර් කෙනෙකු බව කියන ධනුෂ්ක ගයාන් සහබන්දු නැමැත්තෙකි.

සැකකරු ගාල්ල ප්‍රදේශයේ සැගව සිටින බවට කළුතර මූලස්ථාන පොලිස් පරීක්ෂක රුවන් විජේසිංහ මහතාට ලද තොරතුරක් මත අපරාධ අංශ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ධම්ම්ක සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් අපරාධ අංශ නිළධාරීන් පිරිසක් සමග හික්කඩුව ප්‍රදේශයේ අද අළුයම කළ වැටලීමකින් මොහු අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු කළුතර මහේස්ත්‍රාත් අධ්කරණයට ඉදිරිපත් කර රැදවුම් නියෝග ලබාගැනීමට නියමිත බවද සදහන් වේ.

කළුතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කපිල ප්‍රේමදාස , සහකාර පොලිස් අධිකාරී දුමින්ද රාජපක්ෂ යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි කළුතර මූලස්ථාන පොලිස් පරීක්ෂක රුවන් විජේසිංහ මහතාගේ මෙහෙයවීමෙන් අපරාධ අංශ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ධම්ම්ක සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් වැටලීම සිදුකර ඇත.

සබැදි පුවත්

‘මචං විහාරා පිස්සු නටලා ඇඳුම් ගලවලා ජනේලෙන් පැන්නා.. මැරිලා ඇති.. මම රට පනිනවා.. උඹල දෙන්නත් වරෙල්ලා..’ – සැකකරුගේ තොරතුරු රැසක් හෙලිවෙයි..

Latest News

More like this

අරගලයේ තරුණ නායකයා ඝාතනයෙන් පසු බංගලාදේශය යළිත් ඇවිළේ.. පුවත්පත් ආයතන දෙකක් ගිනි තබයි

තරුණ නායකයෙකු වූ ෂරීෆ් ඔස්මාන් හාඩි ඝාතන උත්සාහයකින් මරා...

බෙල්ලනගේ වැඩ තහනම් කළේ ඔන්ඩන්සෙට්‍රෝන් අපරාධය ගැන කතා කළ නිසා.. විපක්ෂ නායක සජිත්

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සිදුවන අක්‍රමිකතා මාධ්‍යයට හෙළි දරව් කිරීම නිසා...

ලේ මාරු කිරීමකදී ඉන්දියාවේ දරුවන් පස් දෙනෙක්ට HIV ආසාධනය වේ

ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශයේ සැට්නා දිස්ත්‍රික්කයේ රජයේ රුධිර පාරවිලයනය අතරතුර...

එකදු විදෙස් සංචාරකයෙකුගේ හෝ ජීවිත හානි නොවීමට අපි වගබලා ගත්තා.. විජිත හේරත්

ආපදාව අවස්ථාවේ මෙරටට පැමිණ සිටි කිසිදු විදෙස් සංචාරකයකුගේ ජීවිතයකට...