පුතාණෝ.., ඔබ අනුර දිසානායකගේ මයිලක් වටින්නේ නැහැ..

අපේම පන්තියේ මිනිසෙකු රටේ නායකයා බවට පත් කර ගැනීමට කාලය එළැඹී ඇති බවත් ඊට සුදුසුම පුද්ගලයා අනුර කුමාර දිසානායක බව ප්‍රවීණ කලා ශිල්පී බුද්ධදාස විතානාරච්චි මහතා පෙන්වා දුන්නා.

1948 සිට මේ දක්වා බලයට පත්වුණු නායකයින් රට විනාශ කළ ආකාරය ජීවන අත්දැකීම් ඔස්සේ පෙන්වා දෙමින් ඔහු මේ බව පැහැදිලි කළේ බලංගොඩ දී පැවැත්වු ජාතික ජන බලවේගයේ රැළියක් අමතමිනි.

බලංගොඩ වැඩිම ඡන්දයෙන් අනුර කුමාර දිසානායක දිනවීම සඳහා සැප්තැම්බර් 21 වැනිදා ඡන්දය ලබා දෙන ලෙස ද ඔහු ඉල්ලා සිටියා.

“1948 සිට මේ දක්වා වලව්කාරයෙක් හිටියනම් ඒ සිරිමාවෝ මැතිණිය විතරයි. අනිත් අය වලව්කාරයෝ නෙවෙයි.අවුරුදු 42ක් තිස්සේ පත්කරගත්තු ජනාධිපතිවරු අපට ලබා දීලා තියෙන්නෙ මොනවද?අද වෙනකොට රට මේ තත්ත්වයට පත් වෙලා තියනවා78 ඉඳලා විපත් කර ගත්තු ජනාධිපතිවරු අපිට අත් කරලා දීපු සමාජය තමයි අද අපි අත්විඳින්නේ.ලෝකෙට ණය වෙලා.ජීවිතයේ මූලික ඕනෑ එපාකම් ඉෂ්ට කරගන්න බැරි තත්වයට පත්වෙලා.දැන් පරණ බෝතල් වල පරණ වයින් වලට අලුත් ලේබල් ගහලා ඉදිරිපත් කරලා තියෙනවා.

එක්කෙනෙක් ඉන්නවා 47 අවුරුද්දක් තිස්සේ මේ රටේ දේශපාලනය කළා.විවිධ තනතුරු දැරුවා.දැන් ආයෙ කියනවා තව අවුරුදු පහක් දෙන්නලු කරන්න.කවුද කියල දන්නවනේ.තව එක්කෙනෙක් ඉන්නවා යමට හම්බ වුණේ 1978 පළවෙනි ගම් උදාවේදී.පළවෙනි ගම්මුදා වැඩසටහන් මම ඉදිරිපත් කළේ.එදා කොට කලිසමක් ගහගෙන කොලු ගැටයෙක් ආව ගම් උදාව බලන්න.මොකද එයාගේ පියාණෝ තමයි ගම් උදාව පටන් ගන්න මූලිකයා.එදා කොට කලිසම ඇඳලා ගම් උදාවට ආව ළමයම තමයි තාමත් මං දකින්නේ.ළමා වැඩ කරන්නේ.මේක එයාට අපහාසයක් නෙවෙයි.එයා මන්ද මානසිකයි. එහෙව් කෙනෙක් ජනාධිපතිවරයා විදියට රටේ පත් කරගන්නවද කියලාකල්පනා කරලා බලන්න.එයාගේ වටේ ඉන්න අය දන්නවා ඒක දැනගෙන තමයි අයගෙන් ඈත් වෙන්නෙ මේ ලඟදිත් තලතා අතුඅතුකෝරළ  මහත්මිය අයින් වුනේ.එයා පරිණත නෑ කියලා කියන්නේ එක්සත් ජාතික පක්ෂයේ එයාගේ ළගින්ම හිටිය ලොක්කියක්.අපි කියන්න ඕන නෑනේ.සජිත් පුතා..ඔයා හිතුවට ලේසි නෑ මේ වැඩේ.වටේ ඉන්න අයත් ඔයාව අත් හැරලා යනවා.

මොකද ජනාධිපතිවරයෙක් වෙන්න අවශ්‍ය පෞරුෂය,ප්‍රඥාව,බුද්ධිය පරිකල්පනය නැහැ.ඒක නැති බව මුළු රටම දැනගනිමින් ඉන්නවා.

එයාගෙ පියාණෝ ජනාධිපති වුණු වෙලාවේ සිංහාසනයක් හදාගත්තා.ශ්‍රීමතාණන් කියලා ලියාගත්තා.ඊට ඉස්සෙල්ල එක්කෙනා අතිගරු උතුමාණන් කියලා කියා ගත්තා.ඒ දෙන්නා විතරයි දළදා මාළිගාවේ පත්තිරිප්පුවට නැග්ගේ.ඇයි ඒ.දෙන්නටම තිබුණා හීනමානය.ඒ හීනමානේ නැති කරගන්න තමයි සිංහාසන හදාගෙන ශ්‍රී මතාණන්,උතුමාණන් කියල කියා ගත්තේ.මං ඒ ගොල්ලන්ගෙ පැටිකිරිය කියන්න යන්නෙ නෑ.කොහෙන්ද ආවේ.මොකටද ආවේ කියලා.

ඔයාගේ පියාණෝ රිචඩ් සොයිසට මොකද කළේ කියලා අපි දන්නවා.ඔයාගේ පියාණෝ LTTE එකට ආයුධ දුන්නා.ඒ ආයුධවලින් 200 ක් හමුදාව හා පොලීසිය ඝාතනය කළා.ඔයාගේ පියාණෝ LTTE එකට දුන්න සම්පත්වලින් අපේ හමුදාවට විරුද්ධව වැඩකළා.ඔයාගේ පියාණෝට ඒක අවශ්‍ය දඬුවම සොබාදහමෙන්ම ලැබුණා.රටේ කිසිම කෙනෙක්ට ඒවගේ අවසානයක් විය යුතු නැහැ.ඒ වගේම ඒවට හවුල් වෙච්ච රන්ජන් විජේරත්නලා පාරේ වාෂ්ප වෙලා ගියා.සොබාදහම ඒවට උත්තර දීලාතියෙනවා.

ඒ නිසා පුතාණෝ අපි ඔබට කියන්නෙ ඔබ අනුර කුමාර දිසානායකගේ මයිලක් වටින්නෙ නෑ.ඇයි අපි එහෙම කියන්නේ.අපහාසයට නෙවෙයි කියන්නෙ.අපේ මිනිහා නග්ගන්නත් නෙවෙයි කියන්නේ.

අනුර දිසානායකගේ විදියට ඔයාට කතාකරන්න බෑ.අනුර දිසානායකගේ පෞරුෂය ඔයාට නෑ.අනුර දිසානායකගේ තියෙන බුද්ධිය ඔයාට නෑ.ඒ ස්මරණ ශක්තිය නෑ.පාර්ලිමේන්තුවේ ඉන්න කාටවත් එහෙම කතා කරන්න, එහෙම හිතන්න,එහෙම පොයින්ට් එකට කතා කරන්න බෑ.

අවුරුදු හැටකට වැඩි කාලයක් මං පාර්ලිමේන්තුවේ අගමැතිවරුන්ගේ ජනාධිපතිවරුන්ගේ කතා අහලා තියෙනවා.අනුර වගේ කෙනෙක් ඉතිහාසයේ හිටියේ නෑ.අන්න ඒ නිසා තමයි අනුර කුමාර මේ රටේ ජනාධිපති කරන්න අපි උදව් කරන්න ඕන.විදේශ රටක ඉඳලා ආවේ මොකද.මේක තීරණාත්මකයි.

Latest News

More like this

සුජීව සේනසිංහ V8 එක ගැන පරීක්ෂණවලදී ප්‍රකාශයක් ලබාදීම හයවතාවක් මඟ ඇරලා

නීති විරෝධීව එක්ලස් කළා යයි චෝදනා එල්ල වී ඇති...

25 හැවිරිදි තරුණියකගේ ගෙල කපා සිදු කළ මහා අපරාධය..

මැණික් ඔපදමන්නියක ලෙස පෞද්ගලික ආයතනයක සේවය කළ විසිපස් හැවිරිදි...

ශ්‍රී ලංකා පොලිස් ෆේස්බුක් පිටුවෙන් බ්ලොක් කිරීමට එරෙහිව මානව හිමිකම් ගිය තරුණයා

ශ්‍රී ලංකා පොලිසියේ නිල ෆේස්බුක් පිටුවෙන් තම ෆේස්බුක් ගිණුම...

පැය 48කදී ඊශ්‍රායලය ගාසා තීරයේ 300ක් ඝාතනය කරයි

පසුගිය පැය 48 තුළ ඊශ්‍රායල හමුදා විසින් පලස්තීන ජාතිකයින්...
error: Content is protected !!