පළාත් පාලන මැතිවරණ කළ හැක්කේ ජනාධිපතිවරණයෙන් පසුව පමණයි-මැතිවරණ කොමිසම

පළාත් පාලන ආයතනවල මැතිවරණය හැකි ඉක්මනින් පැවැත්විය යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් නියෝගයට අනුව එය කළ හැක්කේ ජනාධිපතිවරණය අවසන් වීමෙන් පසුව පමණක් බව මැතිවරණ කොමිසම ප්‍රකාශ කර තිබෙනවා.

කොමිසමේ සභාපති ආර්.එම්.එල්. ඒ.රත්නායක කියා සිටියේ තමන් අනෙකුත් කොමසාරිස්වරුන් සමඟ එක්ව අධිකරණ තීන්දුව ලබන සතියේ පැවැත්වීමට නියමිත රැස්වීමේදී සලකා බැලීමට කටයුතු කරන බවයි.

මැතිවරණ කොමිෂන් සභාව සහ නීතිපතිවරයා සමඟ මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ක්‍රියා සහ අතපසුවීම් ඔවුන්ගේ අත්තනෝමතික සහ නීති විරෝධී හැසිරීම් හේතුවෙන් ව්‍යවස්ථාව යටතේ සහතික කර ඇති බවයි මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය දා තීන්දුවක් ලබා දෙමින් ප්‍රකාශ කළා.

2023 පළාත් පාලන මැතිවරණය නියමිත පරිදි නොපැවැත්වීම හේතුවෙන් මූලික අයිතිවාසිකම් කඩ වූ බවට පාර්ශවයන් කිහිපයක් විසින් ගොනුකළ පෙත්සමක් සලකා බලමින් මෙම තීන්දුව ලබා දීම සිදු කෙරුණා.

මුදල් අමාත්‍යවරයා වන ජනාධිපතිවරයා, මැතිවරණ කොමිෂන් සභාව සහ නීතිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සහතික කර ඇති මූලික අයිතිවාසිකම් කඩ කර ඇති යි එම තීන්දුවෙන් ප්‍රකාශ වුණේ.

Latest News

More like this

දිට්වා ගැන ඉන්දීය කාලගුණ අංශ පූර්ව අනතුරු ඇඟවුම් කළ බව ජ්‍යාත්‍යන්තර මාධ්‍ය රැසක් තහවුරු කරයි

දිට්වා සුළි කුණාටුව සම්බන්ධයෙන් ශ්‍රි ලංකාවේ කාලගුණ අංශ මෙන්ම...

විපතක දී ඉතිහාසයේ ගෙවූ දැවැන්තම වන්දිය ජනපති අනුරගෙන්

ස්වභාවික ආපදාවකදී මෙතෙක් ඉතිහාසයේ රජයක් ලබා දුන් දැවැන්තම වන්දි...

හෙලිකොප්ටරයෙන් ගොඩ බැස්සේ 2029 පොදු අපේක්ක්ෂයා ද?

ජනප්‍රිය ටියුෂන් ගුරුවරයෙකු වන 'දිනේෂ් මුතුගල සර්' ආපදාවන්ට ලක්...

දහස් ගණනකගේ කුසගිනි නිවූ විජේරාමේ ප‍්‍රජා මුළුතැන්ගෙය..

විජේරාමේ ප‍්‍රජා මුළුතැන්ගෙය කියන්නේ රටම ආපදාවට පත් වුණාට පස්සේ...