සෑම පුරවැසියකුටම ගෙවන බදු විස්තර ෆෝන් එකටම එවන ක්‍රමයක්.. මේ තාක් කිසිම ආණ්ඩුවක් කරන්න හිතුවෙවත් නැති තවත් වැඩක්

ජාතික ජන බලවේගයේ රජයක් විනිවිද භාවයෙන් සාධාරණ බදු අය කරන බවත්, ගෙවන බදු සහ එය භාවිතා කරන ආකාරය සෑම බදු ගෙවන්නෙකුටම කෙටි පණිවුඩයක් මගින් දැනුම් දෙන බවත් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

ඒ මහතා මේ බව සඳහන් කළේ බලංගොඩ ප්‍රදේශයේ අද (24) පැවති ජනහමුවකට එක්වෙමින්.

ආණ්ඩුව පත්වී වසර දෙක තුනක් ඇතුළත මෙම ක්‍රමය හඳුන්වා දෙන බව ඔහු අවධාරණය කර සිටියා.

ජනතාව සහ ව්‍යාපාරිකයන් බදු ගෙවීමට කැමති වුවත් ඔවුන් බදු මුදල් කොල්ලකෑමට අකමැති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

“අවුරුදු දෙක තුනක් යනකොට හැම බදු ගෙවපු කෙනාටම ගෙවලා අවසානයේ දී ෆෝන් එකට එස්.එම්.එස් එකක් එවනවා, ඔයා ගෙවපු බද්ද මෙච්චරයි කියලා.මෙන්න මේ බද්දෙන් අධ්‍යාපනයට මෙච්චර වියදම් කළා කියලා.සෞඛ්‍යයට මෙච්චර වියදම් කළා.පාරවල් හදන්න මෙච්චරව් වියදම් කළා.ආරක්ෂාවට මෙච්චර වියදම් කළා කියලා.මැසේජ් එක එනවා.හොඳ නැද්ද එහෙම දෙයක්.බද්ද ගෙවපු කෙනා දන්නවා බද්දට මොකක්ද වුණේ කියලා.බදු ගෙවන්න ව්‍යාපාරිකයා අකමැති නැහැ.ගෙවන බද්ද හොරකම් කරනවා නම් ව්‍යාපාරිකයා අකමැතියි.”

Latest News

More like this

මීළඟ පොලිස්පති කවුද?

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ධුරයෙන් ඉවත් කිරීමට නියමිත බැවින්...

පාසල් වේලාව පැය භාගයකින් දීර්ඝ කළේ මේ නිසා.. අගමැතිනිය ගෙන් පැහැදිලි කිරීමක්

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ පාසල් වේලාව විනාඩි තිහකින් දීර්ඝ...

දේශබන්දු වරදකරු වේ..

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඔහුට එරෙහිව එල්ල වූ චෝදනාවලට...

නව අගවිනිසුරු ලෙස ප්‍රීති පද්මන් සූරසේන නම් කරයි

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා මීළඟ අගවිනිසුරුවරයා ලෙස...
error: Content is protected !!