බීමතින් විදුලි ස්කූටරයක් පැදවූ BTS ‘ෂුගා’ ජාතියෙන්ම සමාව ගනී

ලෝක ප්‍රසිද්ධ K-pop සංගීත කණ්ඩායමක් වන BTS හි සාමාජිකයෙකු වන ෂුගා (SUGA) සිකුරාදා දකුණු කොරියානු පොලිස් ස්ථානයේ විමර්ශනයක් සඳහා පෙනී සිටීමට පැමිණි අවස්ථාවේ මුළු මහත් ජාතියෙන් සමාව ඇයද සිටියා.

31 හැවිරිදි ෂුගා, අගෝස්තු 6 වන දින රාත්‍රියේ ඔහුගේ විදුලි ස්කූටරය අසල බිම වැතිර සිටියදී පොලිසියට හසු වූ අතර ඔහුගේ රුධිරයේ ඇල්කොහොල් මට්ටම නීත්‍යානුකූල සීමාවට වඩා ඉක්මවා ඇති බව එහි දී අනාවරණය වුණා.

ඔහු ඒ වෙනුවෙන් සෝල්හි යොන්ග්සන් දිස්ත්‍රික්කයේ පොලිස් ස්ථානයෙන් පිටත මාධ්‍යවේදීන් ඉදිරියේ හිස නවා සමාව ඇයද සිටි බව කොරියනු මාධ්‍ය වාර්තා කළා.

“මට සමාවෙන්න, මට ගොඩක් කණගාටුයි. මම බොහෝ රසිකයන් සහ මිනිසුන්ගේ කළකිරීමක් ඇති කළ සිදුවීම ගැන ගැඹුරින් සිහිපත් කරනවා..මම පරීක්ෂණයට සම්පූර්ණයෙන්ම සහයෝගය ලබා දෙනවා. නැවතත් මට සමාවෙන්න” ඔහු එසේ පැවසුවේ ඔහුට දිවිහිමියෙන් ආදරය කරන රසිකයන්ගේ ඇස්වලට කඳුළු පුරවමිනි. කෙසේ වෙතත් නෛතික තත්ත්වය පිළිබඳ මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්ණවලට ඔහු පිළිතුරු දී තිබුණේ නැහැ.

මේ වන විට  අනිවාර්ය හමුදා රාජකාරි ඉටු කරන ගායකයාගේ රියදුරු බලපත්‍රය දැනටමත් අවලංගු කර දඩ නියම කිරීමට එරට බලධාරීන් කටයුතු කර තිබෙනවා.ඔහු අනිවාර්ය හමුදා සේවයට අනුයුක්ත කර සිටින නිසා විනය ක්‍රියාමාර්ගවලට ද මුහුණ දීමේ ඉඩක් පවතින බවයි වාර්තා වන්නේ.එහෙත් සිද්ධිය වූ අවස්ථාවේ ප්‍රතිචාර දැක්වීමට නොහැකි තරමට ඔහු බීමත්ව සිටි බව නිලධාරීන් පැවසූ නිසා ඔහු තවමත් පොලිස් ප්‍රශ්නවලට පිළිතුරු දීමට බැඳී සිටියි. 

ෂුගා  බීමතින් රිය පැදවූ බව පිළිගත් අතර මීට පෙර ද සමාජ මාධ්‍යවල රසිකයින්ගෙන් සමාව ඇයද සිටියා. 

බලධාරීන් සඳහන් කරන්නේ ඔහු පැදවූයේ කුමන වර්ගයේ විදුලි ස්කූටරය ද යන්න මත දඬුවමේ ස්වභාවය රඳා පවතින බවයි. සිද්ධිය සිදූ වු අවස්ථාවේ ඔහුගේ රුධිරයේ මධ්‍යසාර ප්‍රමාණය නීතිමය සීමාවට වඩා තුන් ගුණයකට ආසන්න බව පොලිසිය පවසා තිබුණා. මෙය දකුණු කොරියානු මාර්ග රථවාහන පනත යටතේ වසර පහක සිර දඬුවමක් හෝ කොරියානු වොන් මිලියන 10 (ඩොලර්7,295) සිට කොරියානු වොන් මිලියන 20 ( ඩොලර්  14,952) දක්වා දඩයක් විය හැකිය.

එහෙත් “රියදුරුගේ රිය පැදවීමේ දුර, කිසියම් හානියක් සිදුවී තිබේද, ඔහුට සමාන අපරාධ වාර්තාවක් තිබේද වැනි සාධක ද ​​පොලිසිය සලකා බලනු ඇති බවයි විශේෂඥයන් පෙන්වා දෙන්නේ.

ඔහුට ආදරය කරනු ලබන බොහෝ රසිකයන් හදවතින්ම දුක් වුණත් ඇතැම් අය පවසන්නේ පොලිසියට යාමට සිදුවන ආකරයේ වැරදි කළ පුද්ගලයෙක් පරමාදර්ශී චරිත කර ගැනීම නැවත්විය යුතු බවයි.

Latest News

More like this

ජනාධිපතිවරුන්ගේ හිමිකම් අහෝසි කිරීමේ පනත් කෙටුම්පත එයි

රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කර ඇති පරිදි හිටපු ජනාධිපතිවරුන්ගේ...

දැවැන්ත වෙළඳ ගිවිසුමකින් ජපානය ට්‍රම්ප්ගේ තීරු බදු තීරණය රිවර්ස් කර ගනී

"දැවැන්ත" නව වෙළඳ ගිවිසුමකට අවතීර්ණ වීමෙන් අනතුරුව ආනයනික භාණ්ඩ...

ගුරුවරයෙක් වෙන්න නම් අධ්‍යාපන සභාවේ බලපත්‍රය අනිවාර්යයි

ගුරු වෘත්තියට පිවිසීම සඳහා ඉදිරියේදී අධ්‍යාපන සභාවේ ලියාපදිංචි වී...

රජයේ ආදායම නගී….

රජයේ සමස්ත ආදායම පසුගිය මාර්තු මාසයේ සිට අඛණ්ඩව වර්ධනය...
error: Content is protected !!