දික්කසාද සැමියාගෙන් මසකට ලක්ෂ 6 කට වැඩි නඩත්තු මුදලක් ඉල්ලූ බිරිඳට විනිසුරුවරිය දුන් උපදෙස

බිරිඳක් සිය සැමියාගෙන් මසකට නඩත්තුව ඉන්දියානු රුපියල් 6,16,000ක් ඉල්ලා සිටියා.

එය ඇසූ කර්ණාටක මහා අධිකරණයේ විනිසුරුවරියගේ ඇස් උඩ ගිය අතර මසකට ලක්ෂ 6ක්?ඇය මසකට එච්චර වියදම් කරනවද?කියා නීතිඥවරයාගෙන් ඇසුවා.

කාන්තාවගේ නීතීඥ ආකර්ෂ් කනඩේ මහාධිකරණයට පැවසුවේ මෙසේය.

ස්වාමිනී ඇයට දණහිස් වේදනාව, භෞතචිකිත්සාව සඳහා මසකට ලක්ෂ 4-5ක් වැයවෙනවා. 

සපත්තු ඇඳුම් සඳහා මසකට 15000 ක්.

නිවස තුළ ආහාර සඳහා මසකට 60000ක්.

නිවසින් පිටත ආහාර ගැනීම සඳහා තවත් දහස් ගණනක්.

තවද, ඇයගේ සැමියා “සෑම දිනකම සන්නාම සහිත ඇඳුම්” අඳිනවා.ඔහු අඳින ටී-ෂර්ට් එකක් රුපියල් 10,000ක් පමණ වෙනවා. 

එහෙත් ඇගේ සැමියා ඇයට බල කළේ පැරණි ඇඳුම් ඇඳීමටයි.

ඇයට ඇඳුම් සහ ජුවලරි සඳහා මසකට රුපියල් 50,000 ක් අවශ්‍යයි.

රූපලාවන්‍ය හා වෛද්‍ය වියදම් සඳහා තවත් රුපියල් 60,000 ක් අවශ්‍ය වෙනවා

විනිසුරුවරිය : ඇයට එතරම් මුදලක් අවශ්‍ය වෙනවා නම් ඇයට එය උපයා ගන්නැයි කියන්න.

මෙය පසුගිය දා ඉන්දියානු කර්ණාටක මහාධිකරණයේ විනිසුරුවරියක් සිය සැමියාගෙන් මසකට රුපියල් ලක්ෂ හයක් ඉක්මවූ නඩත්තු මුදලක් ඉල්ලා සිටි බිරිඳකට ලබාදුන් තීන්දුවයි.

අගෝස්තු 21 වැනි දින මෙම නඩුව විභාග කළ විනිසුරු ලලිතා කන්නෙගන්ති, “අධිකරණයේ ක්‍රියාවලිය ගසාකෑමට” එරෙහිව පෙත්සම්කාරියට අවවාද කර තිබුණා. එම නඩු  විභාගයේ වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍ය වේදිකාවලද සංසරණය වෙමින් පවතී. විනිසුරුවරිය එහි දී කියා සිටියේ ඇයට තමා වෙනුවෙන් එතරම් මුදලක් වැය කිරීමට අවශ්‍ය නම් එය උපයා ගැනීම වඩා හොඳ බවයි. තවද, නීතිය ගසාකෑමට හැකි යැයි විශ්වාස කරන සියලුම නඩුහිමියන්ට පැහැදිලි පණිවිඩයක් යැවීමට මෙම නඩුව භාවිතා කරන බව විනිසුරුවරිය තීන්දුව දෙමින් කියා සිටියා.

සැමියා රුපියල් කෝටි 10ක් ඉපයූවද උසාවිය ඇයට නඩත්තුව ලෙස රුපියල් කෝටි පහක් දෙයිද?  ඇය මසකට මෙතරම් මුදලක් වැය කරනවාද? අනික ඇය තනිකඩයි. අදාළ කාන්තාව කර්නාටක මහාධිකරණයට මෙම පෙත්සම ගොනු කළේ මීට පෙර පහළ අධිකරණයක් විසින් ලබා දී තිබූ නඩත්තු මුදල වැඩි කරන ලෙස ඉල්ලීමක් කරමිනි. උසාවිය මීට පෙර ඇයට රුපියල් 50,000 ක මාසික නඩත්තුවක් ලබා දෙන ලෙස ඇගේ සැමියාට නියෝග කර තිබුණා.

කෙසේ වෙතත්, ඇය නැවත වතාවක් මහාධිකරණය හමුවේ පෙනී සිටියේ එම මුදල කිසිසේත් ප්‍රමාණවත් නොවන බව පවසමිනි. ඒ අනුව නඩත්තු මුදල අවම වශයෙන් මසකට රුපියල් ලක්ෂ 5 කින් වැඩි කළ යුතුය. ඇයගේ නඩුව ඇසීමෙන් පසු විනිසුරුවරිය සඳහන් කළේ උසාවිය “කේවල් කිරීම සඳහා ස්ථානයක් නොවන” බවයි.”ඔබේ සේවාදායකයාට අවබෝධයක් නැහැ. නමුත් ඔබ ඇයට තේරුම්  කර දිය යුතුයි. මේක කේවල් කරන තැනක් නෙවෙයි. ඇයගේ සැබෑ වියදම් පිළිබඳව ඔබ උසාවියට ​​පැවසිය යුතුයි” අධිකරණය ප්‍රකාශ කළේ ඇයට “සාධාරණ වීමට අවසාන අවස්ථාවක්” ලබා දෙමිනි.

එසේ නොමැති නම් නඩුව නිෂ්ප්‍රභ කරන බව විනිසුරුවරිය අවධාරණය කර ඇති බවයි සඳහන් වන්නේ.මෙම නඩුව ලබන සැප්තැම්බර් මාසයේදී විභාගයට ගැනීමට නියමිතයි.

Latest News

More like this

සාරා සහ ආදිත්‍ය රෝයි කපූර්ගේ මෙට්‍රෝ දුම්රිය ගමන

ආදිත්‍ය රෝයි කපූර් හා සාරා අලි ඛාන් රංගනයෙන් දායකවන...

ඉන්දියාවේ ජනප්‍රිය තරුවගේ මරණයට හේතුව සුදු වීමට එන්නත් කරගත් ග්ලූටතියෝන් ද?

ජනප්‍රිය ගීතයක් වන Kaanta Laga ගීතයේ මියුසික් වීඩියෝවෙන් ඉන්දියාව...

වසර 21 කට පසු ෂාරුක් ඛාන් නැවත ශ්‍රී ලංකාවට එයි?

රී ලංකාවේ සහ දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ නිවාඩු නිකේතනය...

“බිරිඳක් කන්‍යාවක් ලෙස දකින්න එපා” ප්‍රියංකාගේ කතාවේ ඇත්ත නැත්ත

"බිරිඳක් කන්‍යාවක් ලෙස සොයන්න එපා. හොඳ පුරුදු ඇති බිරිඳක්...
error: Content is protected !!