ඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන සමාජ මාධ්‍ය ඔස්සේ සිදු කරන මත විමසුම් හා සමීක්ෂණ නතර කිරීම පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාවේ අවධානය යොමු වී තිබෙනවා.
කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා සඳහන් කරන්නේ මේ පිළිබඳව මෙම සතියේදී පැවැත්වෙන කොමිෂන් සභා රැස්වීමේදී සාකච්ඡා කිරීමට නියමිතව ඇති බවය.
සමාජ ජාලා ඔස්සේ සමීක්ෂණ සිදු කිරීමෙන් ඇතැම් අපේක්ෂකයන්ට අගතියක් සිදුවන බවද පවසන සභාපතිවරයා අදාළ මත විමසුම් සිදු කරන්නේ කවුදැයි හඳුනාගැනීම සඳහා මේ දිනවල අධ්‍යයනයක් සිදු කරමින් සිටින බවද සඳහන් කර තිබෙනවා.
අනතුරුව මත විමසුම් නතර කළ යුතු ක්‍රමවේදය සම්බන්ධයෙන් සාකච්ඡා කරන බවත් පැවසූ ඔහු විද්‍යුත් හෝ මුද්‍රිත මාධ්‍ය ඔස්සේ සිදු කරන මත වීමසිම් නතර කිරීම පහසු වුවත් සමාජ මාධ්‍ය ඔස්සේ සිදු කරන මත විමසීම් නතර කිරීම පහසු කටයුත්තක් නොවන බවද කියා සිටියා.