බස්වලින් පැහැරගත් පන්ජාබ් මඟීන් 23 ක් මහමඟදීම මරා දමයි

බලුකිස්තානයේ මුසාඛෙල් දිස්ත්‍රික්කයේ,මඟීන් 23 දෙනෙකු පමණ ට්‍රක් රථවලින් සහ බස්රථවලින් පැහැරගෙන ගොස් ඔවුන්ගේ හැඳුනුම්පත් පරීක්ෂා කිරීමෙන් අනතුරුව මරා දමා ඇති බව පකිස්තාන මාධ්‍ය වාර්තා පවසනවා.

ආරක්ෂක අංශ පවසන ආකාරයට ආයුධ සන්නද්ධ කණ්ඩායමක් මහා මාර්ගය අවහිර කර මගීන් බස්රථවලින් පැහරගෙන ගොස් තිබෙනවා.

මියගිය අය පාකිස්තානයේ පන්ජාබ් පළාතට අයත් අය බවයි හඳුනාගෙන ඇත්තේ.

සන්නද්ධ පුද්ගලයින් වාහන 10 කට ද ගිනි තබා ඇති බව පාකිස්තානයේ Dawn පුවත්පත වාර්තා කර තිබෙනවා.

පොලිසිය එම ස්ථානයට පැමිණ මෘත දේහ රෝහලට ගෙනයාමට පටන් ගත් බව එම වාර්තාවේ වැඩිදුරටත් දැක්වෙනවා.

ප්‍රහාරය එල්ල කළේ කවුරුන්ද යන්න පිළිබඳව මෙතෙක් තොරතුරු අනාවරණය වී නැහැ.

මේ වසරේදී වාර්තා වූ මේ ආකාරයේ දෙවැනි ප්‍රහාරය මෙය වන අතර ඉකුත් අප්‍රේල් මාසයේදී, බලුකිස්තානයේ නොෂ්කි නගරය ආසන්නයේදී මගීන් නව දෙනෙකු බස් රථයකින් පැහැරගෙන ඔවුන්ගේ හැඳුනුම්පත් පරීක්ෂා කිරීමෙන් පසු මේ ආකරයටම වෙඩි තබා ඝාතනය කර තිබුණා.

Latest News

More like this

යුරෝපා සංගමයෙන් යුරෝ මිලියන 1.8ක පරිත්‍යාගයක්

යුරෝපා සංගමය ශ්‍රී ලංකාවට යුරෝ මිලියන 1.8ක හදිසි මානුෂීය...

Google Map හි ශ්‍රී ලංකාවේ මාර්ග යාවත්කාලීන කරයි

Google Map හි A හා B මාර්ග සිතියම් යාවත්කාලීන...

Rebuilding Sri Lanka අරමුදලට ලැබුණ ආධාර රු බිලියන 1.8 පනී

'දිට්වා' සුළි කුණාටුවෙන් ඇති වූ විනාශයෙන් පසු රට නැවත...

සහන මුදල් සතපහක් ආපසු හරවා එවන්න එපා.. ජනපති අනුරගෙන් උපදෙස්

ආපදාවට ලක් වූ ස්ථානවල යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් මෙම...