ජනාධිපති අපේක්ෂකයින් 19 දෙනෙක් ආගිය අතක් නෑ

මෙවර ජනාධිපතිවරණයට තරග කරන අපේක්ෂකයන් 39 දෙනා අතර 19 දෙනකු නාම යෝජනා භාර දී සති දෙකක් ගත වී ගියත්  මෙතෙක්   කිසිදු ආකාරයේ ප්‍රචාරණ වැඩසටහනක් ක්‍රියාත්මක කර නැති බව ප්‍රජාතන්ත්‍රීය ප්‍රතිසංස්කරණ සහ මැතිවරණ අධ්‍යයන ආයතනයේ (IRES) විධායක අධ්‍යක්ෂ මංජුල ගජනායක මහතා පවසනවා.

මෙම අපේක්ෂකයන් ජනාධිපතිවරණ ඡන්ද විමසීමට අදාළව එකදු රැස්වීමක්වත් මෙතෙක් පවත්වා නැති බව ඔහු සඳහන් කළේ මාධ්‍ය හමුවකදිය.

ජනාධිපතිවරණයේදී ඡන්ද පත්‍රිකා මුද්‍රණය ඇතුළු කටයුතු සඳහා එක් අපේක්ෂකයකු වෙනුවෙන් මැතිවරණ කොමිෂන් සභාව රුපියල් කෝටියක්, කෝටි එකහමාරක් පමණ වැය කරන බවද ඔහු සඳහන් කළා.

එවැනි තත්ත්වයක් තුළ ජනාධිපතිවරණයට තරග කරන අපේක්ෂකයන් ප්‍රචාරක කටයුතු නොකිරීම ගැටලු සහගත තත්ත්වයක් බවයි ඔහු පෙන්වා දුන්නේ.

මෙවර ජනාධිපතිවරණයේදී අපේක්ෂකයෝ 39 දෙනකු ජනාධිපති ධුරය සඳහා තරග කරන අතර මෙම අපේක්ෂකයන්ගෙන් එක් අයකු මිය ගිය බව වාර්තා වුණා.

ප්‍රචාරක කටයුතු මෙතෙක් සිදු නොකළ අපේක්ෂකයන් අතර, ස්වාධීනව තරග කරන අපේක්ෂකයෝ දස දෙනකු (10) පමණ සිටින බවද විධායක අධ්‍යක්ෂවරයා මෙහිදී කියා සිටියා

Latest News

More like this

ජනාධිපතිවරුන්ගේ හිමිකම් අහෝසි කිරීමේ පනත් කෙටුම්පත එයි

රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කර ඇති පරිදි හිටපු ජනාධිපතිවරුන්ගේ...

දැවැන්ත වෙළඳ ගිවිසුමකින් ජපානය ට්‍රම්ප්ගේ තීරු බදු තීරණය රිවර්ස් කර ගනී

"දැවැන්ත" නව වෙළඳ ගිවිසුමකට අවතීර්ණ වීමෙන් අනතුරුව ආනයනික භාණ්ඩ...

අම්මා 12 හැවිරිදි දියණිය මුදලට විකුණලා..

සිය මව විසින් තමන්ව පිරිමි පුද්ගලයින් වෙත විකිණු බවට...

මම ආණ්ඩුවට කරපු උදව්වලට මට ලැබුණ ගෝල්ඩ් මෙඩ්ල් එක තමයි මේ… ජගත් විතාන

"අපි පාර්ලිමේන්තුවෙන් ඉන්නේ එක සහෝදරත්වයකින්. අපි දෙන්නම චූදිතයෝ කියලා...
error: Content is protected !!