අඹ ගෙඩියක් ලක්ෂ හතකට මිලදී ගනී

යාපනය,නාගර්කෝවිල්,මුරුගන් කෝවිලේ වාර්ෂික මංගල්‍යය වෙනුවෙන් පෙරේදා (24 වැනිදා) පැවැති වෙන්දේසියේදී අඹ ගෙඩියක් රුපියල් ලක්ෂ හතකට අලෙවි වූ බව වාර්තා වෙනවා.

සතියක් පුරා පැවැත්වෙන මෙම වාර්ෂික මංගල්‍යයේ අවසන් දින මෙම අඹගෙඩිය එලෙස අලෙවි වී ඇති බව සඳහන්.. 

 අඹගෙඩිය මිලට ගෙන ඇත්තේ  යාපනය, නාගර්කෝවිල්හි පදිංචි පුද්ගලයකු විසින් කෝවිලට වූ බාරයක් ඔප්පු කිරීම සඳහාය.

කෝවිල් පාලක සභාව පැවසූවේ වෙන්දේසියෙන් ලද මුදල කෝවිල සංවර්ධනය වෙනුවෙන් යොදා ගන්නා බවයි.

පසුගිය දිනෙක වවුනියාවේ කෝවිලක වෙන්දේසියකදී ද අඹ ගෙඩියක් රුපියල් දෙලක්ෂ අසූපන්දහසකට (285,000)වෙන්දේසි වී තිබුණා.

මුලතිව්,පුදුකුඩිඉරිප්පු කෝවිලක පැවැත්වූ වාර්ෂික මංගල්‍යය වෙනුවෙන් විදේශගතව සිට පැමිණි පුද්ගලයකු පසුගියදා ලක්ෂ 15 ක මුදලක් ලබාදී ඇති බව ද වැඩිදුරටත් වාර්තා වී තිබෙනවා.

__tpx__

Latest News

More like this

බීලා හිටපු කීප දෙනෙක් එක්ක තුවාල වූ අය රෝහලට යැව්වා. ඒකයි මගේ ළඟත් ගඳ එන්නේ.. රන්වල කියලා

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු කතානායක අශෝක...

ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්සත් ජාතීන්ගෙන් ඩොලර් මිලියන 35ක මානුෂිය සැලැස්මක්

දිට්වා සුළි කුණාටුවෙන් ව්‍යසනයට පත් ශ්‍රී ලංකාවේ ජන ජීවිතය...

ධනවතුන්ට ඇමරිකාවේ ස්ථීර පදිංචිය දෙන ට්‍රම්ප්ගේ ‘Gold Card Visa’ විවෘත කෙරේ

අවම වශයෙන් ඩොලර් මිලියන1 ක් ගෙවිය හැකි ධනවත් විදේශිකයන්ට...