රණතුංගලාගේ මිනුවන්ගොඩත් හෙල්ලෙයි..ජයග්‍රහණයෙන් පසු 77 රණතුංගලාට වෙච්ච දේ නොවෙන්න වැඩ කරන හැටි කියා දුන් අනුර

“මිනුවන්ගොඩ නගරයට රැස්වෙලා ඉන්න දහස් සංඛ්‍යාත ජනතාව කියාපාන්නේ අන් කවරක්වත් නොව වැඩේ හරි බවයි.ඒත් අත් අරින්න එපා.සතුරා විශාල ලෙස කලබල වෙලා ඉන්නේ.ඒගොල්ලන්ගේ ජීවිත කාලයේ දී ඒගොල්ලො කල්පනා කළේ නෑ මේ විදියට ඔවුන්ට තර්ජනයක් ඇති වේවිකියලා.ඒගොල්ලො හැමදාම හිතුවා පැත්ත මාරුකරමින් ඒ පැත්තෙන් මේ පැත්තට පනිමින් මේ පැත්තෙන් ඒ පැත්තට පනිමින් ඒගොල්ලන්ගේ අතේම මේ බලය රඳවා ගන්න පුළුවන් කියලා විශ්වාස කළා.”යැයි ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා අද (27) මිනුවන්ගොඩ නගරයේ පැවති ජන හමුව අතරතුර ප්‍රකාශ කළා.

මෙම ජන හමුවට අතිවිශාල ජනතාවක් සහභාගී වූ අතර අනුර කුමාර දිසානායක මහත සිය කතාව ආරම්භයේ දීම එය ඉතා සුබලකුණක් බවයි සඳහන් කළේ.

ඔහු කියා සිටියේ ලංකා ඉතිහාසයේ දේශපාලන සිතියම මුළුමනින්ම වෙනස් වී ජාතික ජන බලවේගයට ජයග්‍රහණය ලබා ගත හැකි තැනට පත් වී ඇති බවයි. 

කෙසේ වුවත් ඔවුන් අත් හැරීමට සූදානම් නොමැති  බවත් අවසාන මොහොතේ අවලාද හා විකෘති කරන ලද තොරතුරු බෙදා හරිමින් සිටින බව ඔහු පැවසුවා.

“රටේ ජනතාවත් කාලාන්තරයක් තිස්සේ ඒ පැත්තට මේ පැත්තට බලය මාරු කළා.ජනතාව ආණ්ඩු මාරු කරනවා.මැති ඇමතිවරු පැත්ත මාරු කරනවා.මේ සෙල්ලම දිගු කාලයක් තිස්සේ ඇවිත් තියෙනවා.ඒ නිසා ඒගොල්ලො හිතුවා ඒගොල්ලොන්ගේ බලය තවත් ස්ථිරසාර ලෙස දීර්ඝ කාලයක් ජනාධිපතිවරුන්ගේ පුත්තුන,මුණුපුරන් දක්වා ගෙනියන්න පුළුවන් කියලා.ඒගොල්ලො හිතන් හිටියේ ජනාධිපතිධුර නළලේ කොටලා කියලා.ප්‍රේමදාස ජනාධිපති වුණාම පුතාගේ ජනාධිපති ධුරය නළලේ කොටලා.මහ්න්ද රාජපක්ෂ ජනාධිපති වුණාම පුතාගේ ජනාධිපති ධුරය නළලේ කොටලා.ජේ.ආර් ජයවර්ධන ජනාධිපතිවුණාම ජනාධිපති ධුරය බෑණාගේ නළලේ කොටලා.එහෙම තමයි ඒගොල්ලො හිතාගෙන හිටියේ.”

එමෙන්ම සැප්තැම්බර් 21 වැනිදා ජයග්‍රහණයෙන් පසු සාමකාමීව ජයග්‍රහණය සමරන ලෙසත් කිසිවකුට නිය පිටක හානියක් නොවිය යුතු බවත් එහෙත් මැතිවරණ වංචාවකට දූෂණයකට සම්බන්ධ අයෙක් සිටී නම් නීතිමය රාමුව තුළ දඬුවම් ලබා දීමට පසුබට නොවන බවත් ඔහු මෙහිදී අවධාරණය කර සිටියා.

“1977 ජනාධිපතිවරණයෙන් පස්සේ පොලිසියට දවස් 7 ක් නිවාඩු දුන්නා.ඕනතරම් ගහපල්ලා කියලා.මං හිතන්නේ රණතුංගලාටත් ගැහුවා.දැන් රනිල්ගේ පස්සේ ගියාට.”

__tpx__

Latest News

More like this

මීළඟ පොලිස්පති කවුද?

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ධුරයෙන් ඉවත් කිරීමට නියමිත බැවින්...

පාසල් වේලාව පැය භාගයකින් දීර්ඝ කළේ මේ නිසා.. අගමැතිනිය ගෙන් පැහැදිලි කිරීමක්

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ පාසල් වේලාව විනාඩි තිහකින් දීර්ඝ...

දේශබන්දු වරදකරු වේ..

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඔහුට එරෙහිව එල්ල වූ චෝදනාවලට...

නව අගවිනිසුරු ලෙස ප්‍රීති පද්මන් සූරසේන නම් කරයි

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා මීළඟ අගවිනිසුරුවරයා ලෙස...
error: Content is protected !!