මට දැන් 59ක්.. මටත් තනියට කෙනෙක් ඕන.. තෙවැනි විවාහය ගැන අමීර්ගෙන් ඉඟියක්

දික්කසාදයෙන් වසර ගණනාවකට පසුව පවා අමීර් ඔහුගේ හිටපු භාර්යාවන් දෙදෙනා වන රීනා දත්තා සහ කිරන් රාඕ සමඟ සුහද සබඳතාවක් පවත්වන්නෙක් ලෙස ප්‍රකටයි.ඔහු තවමත් ඔවුන්ගේ දරුවන් හා බැඳි කාරණාවලදී ඔවුන් සමඟ සමීප සබඳතා පවත්වන්නෙක්.

ඔහු මෑතකදී එක්තරා යූ ටියුබ් සංවාදයක දී නැවතත් විවාහය පිළිබඳ ඔහුගෙන් විමසූ විට එම ප්‍රශ්ණය ඇසූ රියා චක්‍රබෝර්තිට ඔහු මතක් කර දුන්න්නේ දැන් ඔහුගේ වයස අවුරුදු 59ක් බවයි. 

“මේ වයසේදී නැවත විවාහ වීම යථාර්ථවාදී නැහැ.ඒත් මටත් මිත්‍රත්වය අවශ්‍යයි.තනිව ජීවත් වීමට මාත් කැමති නැහැ” යනුවෙන් ඔහු පිළිතුරු දී තිබුණා.

 ආමීර් මෙම වැඩසටහනේ දී විවාහය සමාන කර තිබුණේ කැන්වසයකටයි.. 

එය හවුල්කරුවන් එය මත පින්තාරු කරන ආකාරය මත රඳා පවතින බව ඔහු සඳහන් කළා. ඔහුගේ විවාහය ගැන සහ ඇය විවාහ විය යුතු දැයි රියා ඔහුගෙන් විමසූ විට, අමීර් උපහාසාත්මකව පැවසුවේ, “මම අසාර්ථක විවාහ දෙකක් කර තිබෙනවා, ඒ නිසා මගෙන් විවාහ උපදෙස් ඉල්ලන්න එපා.” කියාය.

” මම මගේ හිටපු භාර්යාවන් වන රීනා සහ කිරන් දෙදෙනාටම ඉතා සමීපයි. අපි එක පවුලක් වගේ. ජීවිතය අනපේක්ෂිතයි. ඉතින් අපි එය විශ්වාස කරන්නේ කෙසේද?”

අමීර් රීනා දත්තා සමඟ විවාහ ගිවිස ගත්තේ 1986දීය. මෙම යුවළට අයිරා සහ ජුනයිඩ් යන දරුවන් දෙදෙනෙකි. අමීර් සහ රීනා දික්කසාද වූයේ 2002 දීය. ඔහු අවසානවරට විවාහ වුණේ චිත්‍රපට නිෂ්පාදක කිරන් රාඕ සමඟය. ඔවුන් දෙදෙනාට අසාද් නම් පුතෙක් සිටී. 2021 දී වෙන් වුවද, අමීර් සහ කිරන් දිගටම එකට චිත්‍රපට නිෂ්පාදනය කිරීම ද සිදු කරනවා.

Latest News

More like this

ඒ ප්‍රකාශයේ යම් වැරද්දක් තියෙනවා… මගේ බිරිඳ මීටත් වඩා සමාව ගන්න ඕන කියලා මම හිතන්නෙ නෑ.. සජීව් රාජපුත්‍ර

කාන්තා පාර්ශවයට සිදුවන බොහෝ අතවරවලට හේතුව වන්නේ ඔවුන්ගේ ඇඳුම්...

ඇස්වලින් ඔරවා පාදඩයින් මට්ටු කිරීමේ කලාව

සජීව් රාජපුත්‍රගේ නෝනා ආසාවටවත් බස් එකක, කෝච්චියක, මහ පාරේ...

අපි කවදාවත් දික්කසාද වෙන්නෙ නැහැ.. එක වහලක් යට ඉන්නත් බැහැ… හිරුණිකා සැමියා ගැන කියයි

ලංකාවේ දේශපාලනේ ප්‍රබල හඬක් නැගීමට තරම් බලයක් තියෙන කාන්තා...

සජිත් ඊයේ මහ රෑ දිලිත්ගේ ගෙදර ගිහින් !

සජබ නායක, සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා ඊයේ (14) රාත්‍රී...