කාන්තාවන්ට මාස 24 ක් රුපියල් 20,000 බැගින් ලබා දී දුප්පත්කම තුරන් කරනවා

ජනසවිය, සමෘද්ධිය, අස්වැසුම හා ගැමි දිරිය වැඩසටහන් වල අඩුපාඩු තුරන් කර හොඳ ගුණාංග එකතුකර දුප්පත්කම තුරන් කිරීමේ නව වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව සමඟ ජන සන්ධානයේ ජනාධිපති අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

ඒ අනුව කාන්තාවන්ට මුල් තැන දෙමින් මාසෙට රුපියල් 20,000 බැගින් ලබා දී මාස 24කින් දුප්පත් කම තුරන් කරන නව වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව ඔහු සඳහන් කළා.

විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේ සේරුවිල පැවැති ජනරැළියක් අමතමිනි.

ලෝකයේ බොහෝ රටවල් කෙටි කාලයක් තුළ දුප්පත්කමින් මුදවා ගත් බංගලාදේශයේ ග්‍රාමීන් බැංකු සංකල්පය වැනි සංකල්පයකට එය සමාන බව ඔහු කියා සිටියා.

එම සංකල්පය පිළිබඳ වැඩිදුරටත් පවසමින්,ගෘහයේ සියලු ක්‍රියාදාම විධිමත් හා ශක්තිමත් හා විනයවත්ව ක්‍රියාත්මක කරන්නේ කාන්තාව බැවින් ඇය මූලික කරගෙන රුපියල් 20,000 සහනය දෙන බවයි ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේ.

Latest News

More like this

වටගලගේ නියෝගයෙන් පසු හදිසි නීතිය යටතේ පොලිසිය වැඩට බහී..

ජනාධිපතිවරයාට හා ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට එරෙහිව සමාජ මාධ්‍ය ඔස්සේ...

'ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීමේ අරමුදලට' මේ දක්වා රුපියල් මිලියන...

පකිස්තානය ලංකාවට ටොන් 80ක මානුෂීය ආධාර එවයි

දිට්වා සුළි කුණාටුවෙන් පසු ඇති වු ආපදා තත්ත්වය මත...

නාමල්ගේ මාසික වැටුප සහ දීමනා ‘ආදරය’ අරමුදලට…

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ මාසික වැටුප සහ දීමනා...