සියලුම ජනාධිපති අපේක්ෂකයින්ට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඔස්සේ ජාතිය ඇමතීමේ වරම්: මුල්ම අවස්ථාව නුවන් බෝපගේට

2024 ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වී සිටින සියලුම අපේක්ෂකයින්ට සිය ප්‍රචාරණ කටයුතු හා අදහස් දැක්වීම සඳහා අවකාශය ලබා දෙමින් මැතිවරණ කොමිෂන් සභාව සහ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව එක්ව නව වේදිකාවක් සකස් කර තිබෙනවා.

ඒ අනුව සියලුම අපේක්ෂකයින්ට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පවත්වනු ලබන මාධ්‍ය සාකච්ඡාවක් ඔස්සේ සිය අදහස් ජාතිය හමුවේ ප්‍රකාශ කිරීමේ අවස්ථාව හිමි වේ.

මෙය ජනාධිපතිවරණ ඉතිහාසයේ කිසිදු ජනාධිපතිවරණයකදී දැකගත නොහැකි වූ සාධනීය තත්ත්වයකි.

මෙම නවතම වැඩපිළිවෙළ අනුව ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සියලුම අපේක්ෂකයන්ට ඒ සඳහා ආරාධනා කර ඇති බවයි සඳහන් වන්නේ.

එම ඇරයුම අනුව කාලවේලාවන් ලබාදුන් අපේක්ෂකයින් අතර ජන අරගල සන්ධානයේ ජනාධිපති අපේක්ෂක නුවන් බෝපගේ මහතා අද (28) පළමු වැඩසටහනට සහභාගි වුණා.

සෑම අපේක්ෂකයකුටම සිය අදහස් ප්‍රකාශ කිරීමට පැයක කාලයක් ලැබෙන අතර මාධ්‍යවේදීන් මේ සඳහා සම්බන්ධ වන්නේ Zoom තාක්ෂණය ඔස්සේය.

සිය ප්‍රකාශය තුල අනෙකුත් අපේක්ෂකයින්ට කිසිදු අගතියක් සිදු නොවිය යුතුය යන්න අපේක්ෂකයින් වෙත නියම වූ එක් කොන්දේසියකි.

මෙවර ජනාධිපතිවරණය සඳහා ජනාධිපති අපේක්ෂකයින් 39 දෙනෙකු ඉදිරිපත් වී සිටි අතර එක් අපේක්ෂකයෙකු මිය යාම හේතුවෙන් මේ වන විට තරග වදින්නේ අපේක්ෂකයින් 38 දෙනෙක් පමණි.

කෙසේවෙතත් ඊයේ (27) මාධ්‍ය වාර්තා කලේ එම අපේක්ෂකයින් 38 දෙනා අතුරින් 19 දෙනකු සක්‍රීයව කිසිදු ප්‍රචාරණ ක්‍රියාවලියක නිරත නොවන බවයි.

Latest News

More like this

නව අගවිනිසුරු ලෙස ප්‍රීති පද්මන් සූරසේන නම් කරයි

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා මීළඟ අගවිනිසුරුවරයා ලෙස...

තීරු බදු අඩු කරගැනීම සඳහා ශ්‍රී ලංකාව අමෙරිකාවෙන් තෙල් මිලදී ගැනීමට යයි

ඇමරිකාව ශ්‍රී ලංකාවට එරෙහිව පනවා ඇති අන්‍යෝන්‍ය තීරුබදු තවදුරටත්...

නිලන්තට මරණ දණ්ඩනය දීම කතෝලික පල්ලියේ ස්ථාවරය නොවේ

පාස්කු ප්‍රහාරය වැළැක්වීමට අපොහොසත්වීමේ චෝදනාව මත වැඩ තහනම් වූ...

වැව්‍ රක්ෂිතවල ඉදි කර ඇති සියලුම හෝටල් ඉවත් කරනවා. ඩඩ්ලිටත් වැඩ වරදීවි… ඇමති ලාල්කාන්ත කියයි

අනුරාධපුරයේ වැව් රක්ෂිත මායිම් සලකුණු කිරීමේදී තරාතිරම නොබලා එම...
error: Content is protected !!