පාවුණ ඡන්දයක් සජිත්ගේ වේදිකාවට ගොඩ ගසයි

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් ප්‍රේමරත්න මහතා සමගි ජන බලවේගයේ තංගල්ල ප්‍රදේශයේ ඊයේ (අගෝස්තු 29) පැවැති ජනරැළියකට සහභාගි වුණා.

මෙවර ජනාධිපතිවරණයේ දී තවමත් තීරණයක් ගෙන නොමැති පාවෙන ඡන්ද දායකයින් ලක්ෂ 40 ක් සිටින බවත් තමා ද ඉන් එක් අයෙකු බව ඔහු සජිත්ගේ වේදිකාවට එක් වෙමින් පවසා සිටියා.

නිරෝෂන් ප්‍රේමරත්න මහතා ඉකුත් මාසයේ 16 වැනිදා වාසුදේව නානායක්කාර මහතාගේ ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායකත්වය භාරගනු ලැබුවා.

එහෙත් ඊයේ දිනයේ ඔහු වාසුදේව නානායක්කාර මහතාට ලිපියක් යොමු කරමින් පක්ෂ නායකත්වයෙන් සහ තනතුරුවලින් ඉල්ලා අස් වුණා.

ජනාධිපතිවරණය සඳහා ඇතිකරගත් එකඟතා වෙනස් කර බාහිර පුද්ගලයකු ජනාධිපති ධුරයට ඉදිරිපත් කිරීම පිළිබඳ ඇති වූ කළකිරීම හේතුවෙන් මෙම තීරණය ගත් බව එම ලිපියෙන් ඔහු දන්වා තිබුණා.

Latest News

error: Content is protected !!