අපේක්ෂා සුන් වේ.. විකිරණ ඒකකයම නිවාඩු අරන්

විකිරණ චිකිත්සක නිලධාරීන්ගේ වාර්ෂික මහා සභා රැස්වීම හේතුවෙන් ඊයේ (අගෝස්තු 28) දිනයේ මහරගම අපේක්ෂා රෝහලේ විකිරණ ඒකකය සම්පූර්ණයෙන් වසා දැමීම නිසා එහි පැමිණි රෝගීහු විශාල පිරිසක් දැඩි අපහසුතාවයකට පත්වුණා.

නිලධාරීන් සමුළුවට සහභාගි වී ඇත්තේ එම ඒකකය වසා දමන බවට දැන්වීමක්ද ප්‍රදර්ශනය කිරීමට සලස්වමින්.

කෙසේ වෙතත් මේ හේතුවෙන් ඈත ප්‍රදේශවල සිට වාහන කුලියට ගෙන නිදි වරාගෙන ප්‍රතිකාර ගැනීමට පැමිණ සිටි රෝගීන් බොහෝ සංඛ්‍යාවක් අපහසුතාවට පත්වුණා.

අහිංසක රෝගීන්ගේ ජීවිත බිල්ලට තබා විකිරණ අංශයේ සියලු දෙනා සමුළුවට සහභාගි වීම ඉතා පහත් ක්‍රියාවක් බවයි ඔවුන් චෝදනා කළේ.

මේ සම්බන්ධව මහරගම අපේක්ෂා රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය අරුණ ජයසේකර මහතාගෙන් කළ විමසීමකදී ඒ මහතා පවසා ඇත්තේ වෘත්තීය සමිතිවලින් පවත්වන සමුළුවලට සහභාගි වීමේ අයිතිය ඔවුන්ට හිමි බවයි.

 නමුත් ඒවාට සහභාගී වීමේදී රාජකාරි කටයුතුවලට බාධා නොවන ලෙස සහභාගි විය යුතු බවත් මෙම නිලධාරීන් ඒ ක්‍රමවේදය අනුගමනය කර නොමැති නිසා මේ පිළිබඳව අමාත්‍යංශයට දැනුම් දී සුදුසු පියවර ගන්නා බව ඔහු සඳහන් කර තිබෙනවා.

Latest News

More like this

වටගලගේ නියෝගයෙන් පසු හදිසි නීතිය යටතේ පොලිසිය වැඩට බහී..

ජනාධිපතිවරයාට හා ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට එරෙහිව සමාජ මාධ්‍ය ඔස්සේ...

'ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීමේ අරමුදලට' මේ දක්වා රුපියල් මිලියන...

පකිස්තානය ලංකාවට ටොන් 80ක මානුෂීය ආධාර එවයි

දිට්වා සුළි කුණාටුවෙන් පසු ඇති වු ආපදා තත්ත්වය මත...

නාමල්ගේ මාසික වැටුප සහ දීමනා ‘ආදරය’ අරමුදලට…

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ මාසික වැටුප සහ දීමනා...