නඩු බඩු කාමරයෙන් කෝටි 24ක කුඩු පන්නයි

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණ නඩු භාණ්ඩ කාමරයේ සුරක්ෂිතව තබා තිබූ රුපියල් කෝටි 24 ක් වටිනා හෙරොයින් කිලෝ 12ක් අතුරුදහන් වී ඇති බව අනාවරණය වී තිබෙනවා.

මෙසේ අතුරුදහන් වී ඇත්තේ මහා අධිකරණ නඩුවකට ඉදිරිපත් කිරීම සඳහා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණ නඩු භාණ්ඩ කාමරයේ සුරක්ෂිතව තබා තිබූ හෙරොයින් තොගයකි.

රහස් පොලිස් නිලධාරියකු වශයෙන් පෙනී සිටි පුද්ගලයෙකු මෙම හෙරොයින් තොගය රැගෙන ගොස් ඇත්තේ රජය රස පරීක්ෂකවරයාට ඉදිරිපත් කිරීමට අවශ්‍ය බව පවසමිනි.

එම පුද්ගලයා තරිඳු යෝෂිත ලෙස පෙනී සිට ඇති බවයි වාර්තා වන්නේ.

මේ සම්බන්ධ සැකකරුවන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා රහස් පොලිසිය අධ්‍යක්ෂවරයාට අද (අගෝස්තු 29) නියෝග කරනු ලැබුවා.

රහස් පොලිසියෙන් යැයි පවසමින් අදාළ හෙරොයින් තොගය රැගෙන ගිය බව කියන තරිඳු යෝෂිත නැමැත්තා පිළිබඳ හෙළිකර ගැනීම සඳහා වහාම විමර්ශනයක් කිරීමටද ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා රහස් පොලිස් අධ්‍යක්ෂකවරයාට නියම කළා.

මෙම සිදුවීම සම්බන්ධයෙන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ භාරකරු ඇතුළු නිලධාරීන්ගෙන් ප්‍රශ්ණ කිරීමට ද නියමිතයි.

Latest News

More like this

තායි රාජා සහ කණ්ඩුල ගැන හොයා බලන්න තායිලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා ලංකාවට

තායිලන්තයෙන් රාජ්‍ය තාන්ත්‍රික සංකේත ලෙස මෙරටට පරිත්‍යාග කළ ඇතුන්...

ඩේසි ආච්චිට ඩිමෙන්ෂියා..! යෝශිතට එරෙහි නඩුව විසිවෙයිද ?

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ චෝදනා එල්ල වී සිටින...

කාසල් රෝහලේ දෙබිඩි දරු උපතක්

කාසල් වීදියේ කාන්තා රෝහලේ දෙබිඩි දරු උපතක් සිදුව ඇති...

NVQ3 මට්ටමේ ස්මාර්ට් වෙල්ඩර් පුහුණු පාඨමාලාවක්

වයස අවුරුදු 18 සම්පූර්ණවු සියලු තරුණ තරුණියන්ට අයදුම් කිරීමට...
error: Content is protected !!