පාසල් නිල ඇඳුම් තොගයක් වේයන්ගේ අතුරුපසට..

2024 වර්ෂයට අදාළව පාසල් සිසුන් සඳහා බෙදා දුන් නිල ඇඳුම්වල ඉතිරි වූ  නිල ඇඳුම් තොගයක් කින්නියා කොට්ඨාස අධ්‍යාපන කාර්යාලය තුළ වේයන් කා දමා විනාශ වීමට ඉඩ හැර ඇතැයි වාර්තා වෙනවා.

කින්නියා කලාප අධ්‍යාපන කාර්යාලයට අයත් අධ්‍යාපන කොට්ඨාස තුනක පාසල් සඳහා බෙදා දී ඉතිරි වූ නිල ඇඳුම් තොග ආපසු යවනු වෙනුවට කොට්ඨාස අධ්‍යාපන කාර්යාලය තුළ  විනාශ වීමට ඉඩ හැර ඇති බවයි වාර්තා වන්නේ.

එම පෙට්ටිවල නිල ඇඳුම් හාරසියයකට ආසන්න ප්‍රමාණයක් ඉතිරි වී ති බව සඳහන්.

මේ සම්බන්ධ කළ විමසීමකට පිළිතුරු දුන් නැගෙනහිර පළාත් අධ්‍යාපන ලේකම් එච්.ඊ.එම්.ඩබ්.ජී දිසානායක මහතා පැවසුවේ මේ සම්බන්ධයෙන් සොයා බලා වගකිවයුත්තන්ට එරෙහිව කටයුතු කරන බවයි.

Latest News

error: Content is protected !!