රශ්මිකා මන්දන්නා සමඟින් 7UP නැවුම් වෙනසක් ගෙන එයි

7UP සිය සන්නාම තානාපතිනිය වන ජනප්‍රිය ඉන්දීය නිළි රශ්මිකා මන්දන්නා සමඟින් ‘Super Duper Refresher’ ගිම්හාන ප්‍රචාරණ වැඩසටහන පසුගියදා හඳුන්වාදී තිබේ.

මෙම වෙළඳ දැන්වීම මඟින් 7UP® පිළිබඳව රශ්මිකාගේ වූ අත්දැකීම් සජීවීව විදහා දැක්වෙන අතර ‘Super Duper Refresher’ සන්නාමය ශ්‍රී ලංකාව පුරා ස්ථානගත කිරීමද සිදුවනු ඇත.

හිරු රශ්මිය තදින්ම පවතින දිනයකදී, රශ්මිකා විසින් කඩහිමියෙකුගෙන් 7UP® බෝතලයක් ලබාගන්නා දර්ශනයක් මෙහි අන්තර්ගත වේ. එහිදී කඩහිමියා සිසිල් කළ 7UP® බෝතලයක් ඉතා ප්‍රවේශමෙන් රශ්මිකාට ලබාදෙන අතර එය ඇයට කුතුහලයක් ඇති කරයි. ඇය විසින් එම බෝතලය විවෘත කර සිය මුව වෙත ලඟා කරනවාත් සමඟම දර්ශන තලය ග්ලැසියරයක් වෙත මැරුවේ. එහිදී ජල පොදක් නිර්මාණය වී පසුව එය හිමෙන් වැසී ගිය කඳු පන්තියක් හරහා ගමන් කරමින් රශ්මිකා වෙත ලඟා වෙයි. එම දර්ශනය ප්‍රබෝධමත් බව නිර්මාණාත්මකව ඉදිරිපත් කරයි. 7UP® බෝතලයකට ඔබ කොතැනක සිටියත් ප්‍රබෝධමත් අවසානයක් වෙත ඔබව ආකර්ෂණය කරගත හැකි බව මෙයින් පිළිඹිබු කරයි.

ඇතිවූ එම ජල පොද දැවැන්ත ජල බුබුලක් බවට පත්වී රශ්මිකා බෝතලය විවෘත කරන විට ඈ වෙත ඉතා වේගයෙන් සමීප වේ. මීළඟට කුමක් සිදුවේදැයි දැනසිටි කඩහිමියා, බුබුල ළං වන විටම රශ්මිකාට ඉහළින් කුඩයක් විවෘත කරයි. 7UP® සෑම උගුරක්ම තුළ වූ ප්‍රබෝධමත් හැඟීමක මිහිර සනිටුහන් කරමින් වෙළඳපොළ මැදදී රශ්මිකා මතින් ජල බුබුල පුපුරා යයි. දැන්වීම 7UP® බෝතලය සහ නව ‘Super Duper Refresher’ ස්ථානගත කිරීම දක්වා දිගහැරේ.

මෙම ප්‍රචාරණය පිළිබඳව අදහස් දක්වමින් PepsiCo හි ශ්‍රී ලංකා කලාපයේ සහකාර අධ්‍යක්ෂ Anuj Goyal පැවසුවේ, “7UP යනු හුදෙක් ප්‍රබෝධයක් පමණක් ලබාදෙන පානයක් නොව, උණුසුම් ගිම්හාන දිනයක හෝ ඇවැසි ඕනෑම මොහොතක වෙනසක් සිදුකිරීමට සමත් විශිෂ්ටතම ‘Super Duper Refresher’ පානයකි. අපගේ සන්නාම තානාපතිනිය වන රශ්මිකා මන්දන්න ඇගේ විශිෂ්ට හැකියාවන්ගෙන් මෙම හැඟීම ජීවමාන කරන අතර එය ඇය සන්නාමයට පරිපූර්ණව ගැළපෙන බව සහතික කරයි. 7UP සෑමවිටම සත්‍යගරුක බැවින් ශ්‍රී ලංකාවේ අපගේ පාරිභෝගිකයින්, මෙම ප්‍රචාරණ වැඩසටහනට ආදරය කරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.”

නව රූපවාහිනී වෙළඳ දැන්වීම හඳුන්වාදීම පිළිබඳව අදහස් දක්වමින් සන්නාම තානාපති, රශ්මිකා මන්දන්න මෙසේ පවසා සිටියාය. “වසර ගණනාවක් තිස්සේ අපගේ ජීවිතවලට ප්‍රබෝධමත් බලපෑමක් ඇති කළ සන්නාමයක් වන 7UP සමඟ සම්බන්ධ වීමට ලැබීම ගැන මම සතුටු වෙනවා. වෙළඳ දැන්වීමේ වැඩ කිරීම අතිශය විනෝදජනක සහ super-duper refreshment අත්දැකීමක් වුණා. මගේ රසිකයින් මෙම නව චරිතයෙන් මාව දකින තෙක් මට ඉවසුම් නැහැ.”

7UP® රූපවාහිනී වෙළඳ දැන්වීම රූපවාහිනිය, ඩිජිටල්, එළිමහන් සහ සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරණය කෙරේ. 7UP® නවීන සහ සාම්ප්‍රදායික සිල්ලර වෙළඳසැල් හරහා මෙන්ම ප්‍රමුඛ පෙළේ ඊ-වාණිජ්‍ය වේදිකාවල තනි/බහු සේවා ඇසුරුම් වලින් ලබා ගත හැකිය.

Latest News

More like this

සියෙරා කේබල්ස් පීඑල්සී නව සභාපති ධුරය ඉෂාර නානායක්කාරට

මෙරට ප්‍රමුඛ පෙළේ ව්‍යපාරිකයෙකු වන LOLC සමූහයේ උප සභාපති...

ඉෂාර නානායක්කාරට හිමි HNB 10% ක කොටස් ලංවා අධිපති නන්දන ලොකු විතාන මිලදී ගැනීමෙන් කොටස් වෙළඳපොළ ඉහළට

කොළඹ කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ සුවිශේෂී මංසළකුණක් සනිටුහන් කරමින් ඊයේ...

සංචාරක ක්ෂේත්‍රයට විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයක්

සංචාරක කේෂ්ත්‍රයේ නියුතු වූවන් සඳහා දායක විශ්‍රාම වැටුප් ක්‍රමවේදයක්...

සේවා අපනයනකරුවන්ගේ 15% බද්දට විශේෂ සහනයක්

සේවා අපනයනකරුවන්ට පනවන බදු සඳහා විශේෂ වාසියක් ලබාදී ඇති...
error: Content is protected !!