නාමල් සටනට ආවේ 35% ක ඡන්ද ප්‍රතිශතයක් අතේ තියාගෙන

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා ‘මහින්ද චින්තන’ ප්‍රතිපත්තිය සමඟ බැදුණු ජනතාවගේ සියයට 35 ක නිශ්චිත ඡන්ද ප්‍රමාණයක් ලබා ගනිමින් සිය ප්‍රචාරක කටයුතු ආරම්භ කළ බැවින් ඉදිරි ජනාධිපතිවරණයේදී ඔහුට පහසුවෙන්ම ජනාධිපති විය හැකි බව රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක මහතා පවසනවා.

අද (30) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු කියා සිටියේ මෙවර කිසිදු අපේක්ෂකයෙකුට සියයට 50කට වඩා වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබා ගැනීමට නොහැකි වන බවත් සියයට 35ක් ලබා ගන්නා අපේක්ෂකයාට ජනාධිපතිවරණය ජයග්‍රහණය කළ හැකි බවයි.

මේ වන විට ජනාධිපතිවරණයේ තරගය ඇත්තේ ප්‍රධාන අපේක්ෂකයින් තිදෙනෙකු අතර වන බවත් නාමල් රාජපක්ෂ මහතා එම අපේක්ෂකයින් තිදෙනා අතර සිටින බව සිටින බව ද ඔහු පැවසුවා.

“මෙවර සියයට 50කට වඩා වැඩි ඡන්ද ප්‍රතිශතයක් කිසිවෙකුට ලබා ගැනීමේ හැකියාවක් නෑ. මුලදී දේශපාලන පක්ෂ හතරක් තරගයට අවතීර්ණ වී සිටි අතර එය දැන් එය තරඟකරුවන් තිදෙනෙකු දක්වා අඩු වෙලා තියෙනවා. නාමල් රාජපක්ෂ සහ අපේක්ෂකයින් දෙදෙනෙකු අතර තමයි තරගය තියෙන්නේ.”

එම අපේක්ෂකයින් තිදෙනාට සියයට 80 ක් ඡන්ද ලැබෙනු ඇති බවත් සිවුවැනි අපේක්ෂකයාට ද සියයට 15ක් හිමි වනු ඇති බව ද ඔහු සඳහන් කළා.

මේ තත්ත්වය මත සියයට 35ක් ලබා ගන්නා අපේක්ෂකයාට ජයග්‍රහණය කිරීමේ හැකියාව පවතී.

“නාමල් ප්‍රචාරණ ව්‍යාපාරය ආරම්භ කලේ ඡන්ද සියයට 35 ක ප්‍රතිශතයකින්. නාමල්ට තව ලක්ෂ 4ක් 5ක් ගන්න පුළුවන්. ඩලස් අලහප්පෙරුමත් එහෙම ප්‍රකාශ කරල තිබුණා. නාමල්ට ලේසියෙන්ම දිනන්න පුළුවන්’ඔහු කියා සිටියා.

Latest News

More like this

NVQ3 මට්ටමේ ස්මාර්ට් වෙල්ඩර් පුහුණු පාඨමාලාවක්

වයස අවුරුදු 18 සම්පූර්ණවු සියලු තරුණ තරුණියන්ට අයදුම් කිරීමට...

එජාපය සහ සජබ එකතු වී වැඩ කළ යුතුයි – මහේෂ් සේනානායක (වීඩියෝ)

එජාපය සහ සජබ එකතු වී වැඩ කළ යුතුයි යන්න...

මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා විනිශ්චයන් දැඩි විවේචනයට !

පසුගියදා පැවැති මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා 2025 තරඟාවලියේදී ලබා...

මාතලේ මිනී ඇටකටු ගැන කියමින් මගේ දේශපාලන ජීවිතය විනාශ කිරීමේ උත්සහයක් පවතිනවා.. රෝහිණි කවිරත්න

88-89 වකවානුවේ හා එල්.ටී.ටී.ඊ සංවිධානය දළඳා මාළිගාවට එල්ල කළ...
error: Content is protected !!