ඉන්දීය ආරක්ෂක උපදේශක අජිත් දොවාල් 3% නායකයා මුණගැසීම පිටුපස බරපතල ඇඟවුමක්

ඉන්දීය ආරක්ෂක උපදේශක අජිත් දොවාල් මහතා සහ අනුර කුමාර දිසානායක මහතා අතර තීරණාත්මක සාකච්ඡාවක් සිදු වුණා.

මෙම හමුවීම් සිදු වුණේ දොවාල් මහතා කොළඹ ආරක්ෂක සමුළුවේ (CSC ) මහලේකම් කාර්යාලය පිහිටුවීම සඳහා වන ප්‍රඥප්තිය හා අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට සහභාගී වීම සඳහා මෙරටට පැමිණි අතරතුර දීය.

එහි දී  ඉදිරි ජනාධිපතිවරණය පිළිබඳ තීරණාත්මක සාකච්ඡාවක් ඉන්දීය ආරක්ෂක උපදේශකවරයා සහ අනුර කුමාර දිසානායක මහතා අතර සිදුවූ බව ජනතා විමුක්ති පෙරමුණේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසනවා.

අජිත් දොවාල් මහතා අනෙකුත් ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනා වන ජනාධිපති රනිල් වික්‍රමසිංහ, සමගි ජන බලවේගයේ අපේක්ෂක සජිත් ප්‍රේමදාස හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අපේක්ෂක නාමල් රාජපක්ෂ හමුවීමට ද කටයුතු කළා.

මෙය ජනාධිපතිවරණ සටන උණුසුම් වන විට සබඳතා තහවුරු කර ගැනීමේ ඉන්දියාවේ එක් පියවරක් ලෙසයි සැලකෙන්නේ.

ඉදිරි රජයක් යටතේ ජාතික ආරක්ෂාව පිළිබඳ ඉන්දු – ලංකා ද්විපාර්ශ්වික සහයෝගීතාවයට බාධාවක් නොවන බව සහතික කිරීමේ පැහැදිලි පියවරකි. 

කලාපය තුළ චීනයේ බලපෑම පාලනය කිරීමේ දී විශේෂයෙන් ආරක්ෂක අංශ සම්බන්ධයෙන් ඉන්දියාව ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය ගැන බෙහෙවින් උනන්දුය.

චීනයේ පර්යේෂණ යාත්‍රා ශ්‍රී ලංකා මුහුදු සීමාවට සම්බන්ධ කිරීම සම්බන්ධයෙන් ඉන්දියාව පසුගිය කාල සීමාවේ බරපතල විරෝධයක් එල්ල කළා.

මෙම සියලු තත්ත්වයන් හමුවේ ඉන්දියාවට ලංකාවේ ඊලඟ ජනාධිපතිවරයා ඉතා වැදගත් වන අතර Wion වැනි  ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය පිළිබඳ දැඩි උනන්දුවක් දක්වන ඉන්දීය මාධ්‍ය වාර්තා මේ වන විට පවසන්නේ ජනපති සටනේ ජනප්‍රියම නායකයා අනුර බවයි.

ඒ අනුව ඉන්දීය ආරක්ෂක උපදේශක අජිත් දොවාල් මහතා අනුර කුමාර දිසානායක මහතා හමුවී තීරණාත්මක ජයග්‍රහණය පිළිබඳ කරුණු රැසක් සාකච්ඡා කර ඇති බව වාර්තා වෙනවා.

Latest News

More like this

සබීතාගේ බිල්ඩිම යළි කරලියට ! – රනිල් යලි අත්අඩංගුවට ගැනීමේ සුදානමක් !

ජනප්‍රිය රංගන ශිල්පිනියක වන සබීතා පෙරේරාට අයත් රාජගිරියේ පිහිටි...

හිටපු ඇමති ප්‍රසන්න රණතුංග සොයන්න ආරක්ෂක අංශ නිවසට යයි !

හිටපු අමාත්‍යවරයකු වූ ප්‍රසන්න රණතුංග සෙවීම සඳහා අල්ලස් හෝ...

ලතා වල්පොළගේ 91 වැනි උපන්දිනය සැමරීමට සජිත් එක්වෙයි

ප්‍රවීණ ගායන ශිල්පිනි ලතා වල්පොළ මහත්මියගේ 91 වැනි ජන්ම...

ඉස්ලාමාබාද් අගනුවරට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්

පාකිස්තානයේ ඉස්ලාමාබාද් අගනුවර මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් සිදුව ඇත...
error: Content is protected !!