ඊලොන් මස්ක්ගේ ‘x’ බ්‍රසීලයේ තහනම්

ඊලොන් මස්ක්ට අයත් X (ට්විටර්) අත්හිටුවීමට බ්‍රසීලයේ ශ්‍රේෂ්ඨාධිකරණ සිකුරාදා නියෝග කළා.

ඒ අනුව අද (අගෝස්තු 31) සිට බ්‍රසීලයේ පරිශීලකයින්ට එය වෙත ප්‍රවේශ වීමට නොහැකි වුණා.

සමාජ මාධ්‍ය ජාල ගිණුම් හරහා අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරන බවට චෝදනා කරමින් බ්‍රසීල ශ්‍රේෂ්ඨාධිකරණය මීට පෙර  X සමාගමට නියෝග කර තිබුණේ බ්‍රසීලයට නව නීතිමය නියෝජිතවරයෙකු පත්කරන ලෙසටයි.

කෙසේ වුවද එම නියෝගය නියමිත කාලසීමාව තුළ සපුරාලීමට X සමාගම අපොහොසත් වීමෙන් එරට ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තීන්දුව ගෙන තිබුණා.

විනිසුරු ඇලෙක්සැන්ඩර් ද මොරාසිස් (Alexandre de Moraes)මෙම තීන්දුව ලබා දුන් අතර දඩ මුදල් නිසි පරිදි ගෙවා සමාගම සඳහා නව නීති නියෝජිතයෙකු රට තුළ පත් කරන තුරු X හි මෙහෙයුම් වහාම, සම්පූර්ණ සහ සම්පූර්ණයෙන් අත්හිටුවීමටයි නියෝග කළේ.

බ්‍රසීලයෙහි අන්තර්ජාල සේවා සපයන්නන් (ISP) සහ යෙදුම්වලට X වෙත ප්‍රවේශය අවහිර කිරීමට දින පහක කාලයක් ලබා දී ඇති බව ද සඳහන්.

මේ අතර X වෙත ප්‍රවේශ වීමට අතථ්‍ය පුද්ගලික ජාල හෝ VPN භාවිතා කරන පුද්ගලයින් හෝ සමාගම්වලට ඩොලර් 8,900 ක දෛනික දඩ වලට යටත් වීමට සිදු වෙනවා.

කෙසේ වෙතත් මස්ක් සිය සමාජ මාධ්‍ය ජාලය වන x ඔස්සේ තීන්දුව ලබා දුන් විනිසුරුවරයා විවේචනය කර තිබෙනවා.

ප්‍රජාතන්ත්‍රවාදයේ පදනම වන නිදහස් කථනය  විනාශ කරන ව්‍යාජ විනිසුරුවරයෙක් බවට ඔහු චෝදනා කරයි.

Latest News

error: Content is protected !!