තාත්තා හාල් ගෝනියක් උඩ නිදා ගත් අවන්හලේ බිල්ඩින් තුනම මිලට ගත් ලෝකෙම දන්න පුතෙක්

සිය පියා වේටර්වරයකු සහ ආපනශාලා කළමනාකරුවෙකු ලෙස සේවය කළ ගොඩනැගිලි තුනම අයිති කර ගැනීම පුතෙකුට ලේසි පහසු වැඩක් නෙවෙයි.

‘ඔහු නිදාගන්නේ එහි අතුරපු හාල් ගෝනියක් මත’ 

තාත්තාට එතරම් ගෞරවයක් අත් පත් කර දුන් පුතා වෙන කිසිවකු නොවෙයි. බොලිවුඩයේ අංක එකේ නළුවන් අතර වැජඹෙන සුනිල් ෂෙට්ටිය. 

සුනිල් ෂෙට්ටි තම පියා වේටර්වරයකු සහ කළමනාකරුවකු ලෙස කලක් සේවය කළ ගොඩනැඟිලි තුනම මිල දී ගෙන ඇත්තේ තම පියාගේ උරුමයට ගෞරව කරමිනි. 

වයස අවුරුදු නවයේදී මංගලෝර් හි නිවසින් පලා ගොස් දැඩි වෙහෙස මහන්සි වී මුම්බායි අවන්හලක සිය පියා ගත කළ දුක්ඛිත ජීවිතය හා මේස පිස දමන්නෙකුගේ සිට කළමනාකරු දක්වා ඔහු ගිය දුර පිළිබඳවත් පසුගිය ජුනි මාසයේ පෝඩ්කාස්ට් වැඩසටහනක් අතර ඔහු ප්‍රකාශ කර තිබුණා.  

තම පියා වේටර්වරයකු ලෙස සේවය කළ අවන්හල් ජාලයට අයත් ගොඩනැගිලි තුනම තමා විසින් මිලදී ගත් බව ඔහු එම වැඩසටහන අතරතුර ප්‍රකාශ කළේ නිහතමානී ආඩම්බරයකින්.

“මගේ තාත්තා කුඩා කාලයේදීම මුම්බායි වෙත පලා ගොස් තිබුණා. ඔහුට තාත්තා කෙනෙකු සිටියේ නැහැ. නමුත් සහෝදරියන් තිදෙනෙකු සිටියා. වයස අවුරුදු නවයේදී ඔහුට දකුණු ඉන්දියානු අවන්හලක රැකියාවක් ලැබුණා. ඔහුගේ පළමු රැකියාව වූයේ මේස පිරිසිදු කිරීමයි.ඔහු නිදාගන්නේ හාල් ගෝනියක් උඩ.”

සුනිල් තම පියාගේ ඇදහිය නොහැකි ස්ථීරභාවය සහ නොපසුබට උත්සාහය ගැන කතා කළේ ඉතා සංවේදීවය.

“පසුව ඔහුට අවන්හල් කර්මාන්තයේ ඉහළට යාමට හැකි වුණා. ඔහුගේ අවන්හලේ හිමිකරු ගොඩනැගිලි තුනක් මිල දී ගෙන තිබුණු අතර අවසානයේදී ඒවා කළමනාකරණය කරන ලෙස තාත්තාගෙන් ඉල්ලා සිටියා. හිමිකරු විශ්‍රාම ගියාම තාත්තා ගොඩනැගිලි තුනම ගත්තා. අදත් මට ගොඩනැගිලි තුනම තියෙනවා. එතනින් තමයි අපේ ගමන පටන් ගත්තේ.”

සුනිල් සිහිපත් කළේ, “මගේ තාත්තා හරිම නිහතමානී කෙනෙක්, නමුත් කවුරුහරි ඔහුගේ දරුවන්ට හෝ ඔහුගේ කාර්ය මණ්ඩලයට විරුද්ධව වචනයක් කිව්වොත්, ඔහු සිංහයෙක් වෙනවා. ඔහුට නිතර පවසන එක වාක්‍යයක් තිබුණා. ‘මම සියල්ල විකුණා මගේ ගමට යන්නම්. නමුත් මම අසාධාරණය ඉවසන්නේ නැහැ.” 

සුනිල්ගේ පියා 2017 දී මිය ගියේ වෙහෙස මහන්සි වී වැඩ කිරීමේ උරුමය ඔහුට ඉතිරි කරමිනි.

Latest News

More like this

සිනමා ඉතිහාසයේ ඉහළම ආදායම් ලැබූ වසර මේ වසරයි… ජනපතිගෙනුත් සහයෝගය….

සිනමාවේ ප්‍රගමනය රටේ පුරවැසියාගේ අධ්‍යාත්මික සංවර්ධනයට බලපාන බවත් එනයින්...

දලයිලාමාතුමන් ග්‍රැමී සම්මානයට නිර්දේශ වේ

අධ්‍යාත්මික නායක දලයි ලාමාතුමන් මෑතකදී උන්වහන්සේගේ Meditations: The Reflections...