ලක්ෂ 15ක් එනවලු.ලක්ෂ 15 ක් ගෙන්න ගුවන් යානා කොච්චරක් විතර බස්සන්න වෙයිද?රාජිත ගණන් හදයි

විදෙස් ගත ලාංකිකයන් අනුර කුමාර දිසානායක මහතා දිනවීමට ලක්ෂ පැමිණීමට විරෝධය පළ කරමින් තමා කළ කතාවට විදේශ රටවල සිටින ශ්‍රී ලාංකිකයන්ගෙන් මෙන්ම බොහෝ දෙනෙකුගේ ප්‍රශංසා ලැබුණු බව පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සෙනරත්න මහතා පවසනවා.

රටක ජීවනාලිය ආර්ථිකය බවත් එය කඩා බිඳ දැමූ පසු දූෂණ වංචා නැති කිරීමෙන් පලක් නොමැති බවත් රට ආර්ථිකය කඩාකප්පල් කිරීමට පැමිණෙන ඕනෑම අයෙකුට කියන්නට ඇත්තේ එය පමණක් බව ඔහු සඳහන් කළා.

“දාන්න කියන්න නඩු.මම කිව්වලු  එන්න එපා කියලා.මං කොහේවත් ගිහින් කියලා නෑ එන්න එපා කියලා.මම කිව්වෙ එන මහත්වරු මාස තුනක් ඉන්න.සතියෙන් දෙකෙන් ආපහු යන්න එපා හොඳේ.Jvp එක ආණ්ඩුවක් පිහිටුවොත් ඕගොල්ලො ඉන්න මාස තුනක්.අපිත් එක්ක එකට පෝළිමේ හිටගන්න.භූමිතෙල් ටික ගන්න,ගෑස් ටික ගන්න,බඩු ටික ගන්න.අපිත් එක්ක පෝළිමේ ඉන්න මහත්වරුනේ.

අන්ත අසරණ දුප්පත් මිනිස්සු පෝලිම්වල ලැගලා දරුවට කිරිපිටි ටිකක් නැතුව නහිනකොට ඒගොල්ලෝ කිසි අමාරුවක් නැතුව එහෙට වෙලා කියනවා. දැන් කියනවා ලක්ෂ 15 ක් ලංකාවට එනවලු.මං ගණන් හදලා බැලුවා ලක්ෂ 15 ක් ගේන්න ගුවන් යානා 15,000ක්වත් බස්සන්න ඕන.කොහෙද දන්නේ නෑ එයාපෝට් හදන්නේ.

මේ වගේ ගොන් කතා මේ වගේ මෝඩ කතා ලක්ෂ පහළොවක් මොළේ අමාරු කාරයෝ ඉන්නවද ලංකාවෙන් ගිහිල්ලා විදෙස් ගත ශ්‍රී ලාංකිකයෝ.පිටරට ගියා කියලා සීතලට මොලේ අමාරුවක් හැදෙනවද නෑනේ.මේගොල්ලො  ලංකාවේ කොහෙද දන්නේ නෑ නවතින්නේ.ලක්ෂ පහළොවකට යන්න වාහන කොහෙද දන්නේ නෑ තියෙන්නේ.

ගුවන්යානා ටික කවුද ලෑස්ති කරන්නේ අනර්කුමාර සහෝදරයද?”

Latest News

More like this

'ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීමේ අරමුදලට' මේ දක්වා රුපියල් මිලියන...

පකිස්තානය ලංකාවට ටොන් 80ක මානුෂීය ආධාර එවයි

දිට්වා සුළි කුණාටුවෙන් පසු ඇති වු ආපදා තත්ත්වය මත...

නාමල්ගේ මාසික වැටුප සහ දීමනා ‘ආදරය’ අරමුදලට…

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ මාසික වැටුප සහ දීමනා...

අනුරගේ දැඩි මිත්‍රත්වය වෙනුවෙන් ජපාන වෛද්‍ය කණ්ඩායමක් ලංකාවට එයි

ශ්‍රී ලංකාවේ හදිසි ආපදා තත්ත්වය වෙනුවෙන් සහයෝගය ලබා දීමට...