අසුබ යැ‍යි කී අවුරුදු නැකැත් ජනතාවට දීලා රනිල් අනුගමනය කළේ ඉන්දියාවෙන් ගෙන්නූ නැකැත්..බෙරණ නැකත යෙදුණු සැප්තැම්බර් 21 ජනාධිපතිවරණයට ගැනීම පිටුපසත් ඉන්දියාව

පසු ගිය සිංහල හා හින්දු අලුත් අවුරුද්දේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සැමරුවේ මෙරට ජාතික නැකැත් කමිටුව විසින් සකස් කරනු ලැබූ නැකැත් නොවන බව ප්‍රවීණ ගුප්ත ශාස්ත්‍රඥ විශේෂඥයකු වන රොෂාන් චානක තිසේරා මහතා පවසනවා.

තමා ඇතුළු ජ්‍යොතිෂවේදීන් කිහිප දෙනෙකු හමු වූ අවස්ථාවේ ජනාධිපතිවරයාගේ සමීපතමයකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා ඒ බව පැවසූ බව ඔහු සඳහන් කළේ You Tube අවකාශයේ Thruth with Chamuditha වැඩසටහනට සහභාගී වෙමින්.

මෙවර අවුරුදු නැකැත් පැවැත්වුණු වේලාවන් අනුව නැකැත් සීට්ටුව මතභේදයන්ට හේතු වූ අතර ජ්‍යෙතිෂවේදීන් පිරිසක් නැකැත් වේලාවන් අසුබ බව පවසමින් එම නැකැත් සීට්ටුව දැඩි ලෙස ප්‍රතික්ෂේප කළ සිටියා.

ඒ අනුව ජාතික නැකැත් කමිටුවේ නැකැත් සීට්ටුව අවලංගු කළ යුතු බව පැවසුවද රජය ජනතාවට දැනුම් දුන්නේ එම නැකැත් අනුගමනය කරන ලෙසයි.

කෙසේ වෙතත් වජිර අබේගුණවර්ධන මහතා පවසා ඇති අකාරයට ජනාධිපතිවරයා එම නැකැත් අනුගමනය කර නැති අතර ඔහු චාරිත්‍ර වාරිත්‍ර ඉටු කර ඇත්තේ ඉන්දීය ජ්‍යොතිෂවේදීන් කණ්ඩායමක් ඔහු වෙනුවෙන්ම නිර්මානය කර දුන් විශේෂ නැකැත් සීට්ටුවකි.

රටට දැඩි ලෙස අසුබ හා විනාශකාරී ලෙස හඳුන්වා දුන් නැකැත් ජනාතාවට ලබා දී ඔහු වෙනත් නැකැත් අනුගමනය කිරීම ජාතික නැකැත් කමිටුවේ නැකැත් ප්‍රතික්ෂේප කළ ජ්‍යේතිෂවේදීන්ගේ දැඩි විවේචනයට හේතු වී ඇත්තේ ඒ අනුවයි.

ජනාධිපතිවරණය සැප්තැම්බර් 21 වෙනිදාට යෙදීම පිටුපස ද මෙම ඉන්දීය ජ්‍යෙතීර්වේදීන් සිටින බව ද ඔහු ප්‍රකාශ කළා.

ජනාධිපතිවරණය පැවැත්වෙන සැප්තැම්බර් 21 වැනිදා ක්‍රියාත්මක වන්නේ බෙරණ  නැකැතැයි.එය හොර වංචාවන්ට සහ අයුක්ති සහගත ක්‍රියාමාර්ගවලට ඉතා හොඳ නැකැතක් බවත් ඒ අනුව එහි වාසිය ගැනීමේ අපේක්ෂාවෙන් සැප්තැම්බර් 21 වැනිදාට ජනාධිපතිවරණය යොදාගත්තේ ද සම්බන්ධයෙන් බරපතල සැක මතුවන් බව ඔහු වැඩිදුරටත් කියා සිටියා.

“බෙරණ නැකත අපේ මුතුන් මිත්තෝ දන්නවා හොර වැඩ කරන්න කියාපු නැකැත.චෞර වැඩ සූක්ෂමව කරන්න හොඳම නැකැත බෙරණ නැකැත.”

Latest News

More like this

හොරණ මාළිමා මන්ත්‍රීවරු කාල තරණය කර අයවැය සම්මත කර ගනී..

විපක්ෂයේ කිසිදු මන්ත්‍රීවරයෙකුගේ සහභාගීත්වයෙන් තොරව හොරණ නගර සභාවේ අයවැය...

දිට්වා හානිය රු. කෝටි ලක්ෂයක් ඉක්මවයි…. ලෝක බැංකු වාර්තාව කියයි

දිට්වා සුළි කුණාටුවා හේතුවෙන් ඇති වූ ගංවතුර හා නාය...