පුළුවන් නම් දරුවෝ ඉගෙන ගත්ත විශ්වවිද්‍යාල රටට කියන්න..JVP නායකයින්ට චම්පිකගෙන් අභියෝගයක්

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට ලබා දෙන සෑම ඡන්දයක්ම අනුර කුමාර දිසානායක දිනවන වැඩපිළිවෙලේ එක් පියවරක් බවත් රනිල් වික්‍රමසිංහ මහතා මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වූයේ වූයේ 2020 දී ඔහු ලැබූ නින්දිත පරාජයට සජිත් ප්‍රේමදාස ගෙන් පළිගැනීමට බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසනවා.

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රතිපත්ති හා භාවිතය තුළ දැඩි පරස්පරතා ඇති බව පැවසූ චම්පික මහතා ජනතා විමුක්ති පෙරමුණේ ඉතිහසයේම පෞද්ගලික විශ්වවිද්‍යාලවලට දැඩි ලෙස විරුද්ධ වුව ද එහි දේශපාලන මණ්ඩලය නියෝජනය කරන නායකයින්ගේ දරුවන් උසස් අධ්‍යාපනය හදාරා ඇත්තේ පෞද්ගලික විශ්වවිද්‍යාල බව සඳහන් කළා.

ඔහු මේ බව සඳහන් කළේ සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් මහනුවර පැවැත්වූ ජන රැළියක දීය.

“අනුර කුමාරට අත තිව්වෙ නෑ එදා රනිල් වික්‍රමසිංහ.පාර්ලිමේන්තුව ගැන පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ගැන හැමදාම කතා කරනවා.හැබැයි පාර්ලිමේන්තුව ගිනි තියන්න ආවා මිනිස්සුන්ව අත්අඩංගුවට ගන්න,ජනතා විමුක්ති පෙරමුණේ ලාල් කාන්ත ඇතුළු පිරිස අත්අඩංගුවට ගන්න රනිල්ට තාම මතක නැතිවෙලා.

මේ ඊයේ පෙරේදා අනුර කුමාර දිසානායක මහතාට විරුද්ධව රාජ්‍ය දේපළ අවභාවිත කිරීම පිළිබඳ පැමිණිල්ලක් ඉදිරිපත් වුණා.අද මේ වෙනකල් රනිල් වික්‍රමසිංහ මහතාට ඒක අමතක වෙලා.ඒ නිසා පැහැදිලියි මෙතන යන වැඩපිළිවෙළ.ඒ නිසා එක්සත් ජාතික පාක්ෂිකයන්ගෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාක්ෂිකයන්ගෙන් අපි ඉල්ලා සිටිනවා රනිල් වික්‍රමසිංහට ඡන්දය දීලා ඡන්ද නාස්ති කරන්න එපා.

ඔබට ඔබේ ගැලවීම තියෙන්නේ ඔබේ ජීවිතය තියෙන්නේ සජිත් ප්‍රේමදාස ඡන්දය දීම තුළ පමණයි.

මාළිමාව වෙස්මුණු දාගෙන චන්දෙ එකතු කරනවා ඒගොල්ලො හරි තරුණ කණ්ඩායමක්. ජනතා විමුක්ති පෙරමුණ බිහිවුණේ 1964 මැයි 14.අවුරුදු හැටක් කැරළි දෙකක්.පළවෙනි කැරැල්ලෙන් 12,000 ක් මැරුණා. දහස් ගාණක් අනාථ වුණා.දෙවෙනි කැරැල්ලෙන් 66,000ක් මැරුණා.විශාල ප්‍රමාණයක් රටින් පලා ගියා.

අද මේ රටේ තියෙන ප්‍රධාන ඉදිකිරීමේ සමාගමක් තමයි MAGA ආයතනය.MAGA ආයතනයේ හිමිකරු තමයි කැප්ටන් කුලරත්න.කවුද කැප්ටන් කුලරත්න.විජේවීර මහත්තයව හිර කරල තියෙනකොට යාපනේ  යුද හමුදා නිලධාරි විදියට ගිය කෙනෙක් තමයි කැප්ටන් කුලරත්න.ඔහු අවුරුදු හතක් බණ්ඩාරනායක මැතිණියගේ කාලෙ හිරේ හිටියා.හිරෙන් එළියට ආව කුලරත්න ජවිපෙට ආයුබෝවන් කිව්වා.

අන්න එදා තමයි ඔහුගේ ජීවිතයේ රන්දොර ඇරුනේ අද ලෝකෙ පුරාම යන MAGA නමැති දැවැන්ත ව්‍යාපාරය ගොඩනැගුවේ අන්න එහෙමයි.

කුලරත්න මහත්තයා වගේ කීදෙනෙක් ගඟවල්වල පාවෙන්න ඇද්ද

ප්‍රතිපත්ති ප්‍රකාශයේ තියෙනවා කියනවා නවක වදය නවත්තනවලු.නවක වදේ කියලා ලිංගික හිංසන වලින් පටන් අරගෙන තිරස්චීන ක්‍රියාවලියක් විශ්වවිද්‍යාල වලට ගෙනාවේ කවුද. දිසානායක මහත්තයලා තමයි ඒවා ගෙනාවේ.විශ්ව විද්‍යාල වහන්නෙ කවද්ද අරින්නෙ කවද්ද සියල්ල තීරණය කරේ ජනතා විමුක්ති පෙරමුණ.දරුවන්ට ලැබුණු එකම දේ කඳුළු ගෑස් පමණයි.

හැම පුද්ගලික විශ්ව විද්‍යාලයටම විරුද්ධ වුණා. මම කියනව ජනතාව විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩලයට තමන්ගේ දරුවෝ ගිය විශ්වවිද්‍යාල ටික පෙන්නන්න කියලා.මගේ දරුවෝ දෙන්නම රජය ඉස්කෝලෙ ගියේ.දරුවෝ දෙන්නම රජයේ විශ්ව විද්‍යාල වලට ගියේ ඒ ලෙවල් පාස් වෙලා.මම කියනවා ජනතා විමුක්ති පෙරමුණේ නායකයින්ට පුළුවන්නම් පෙන්නන්නකොයි විශ්ව විද්‍යාලවලටද දරුවන් යැව්වෙ කියලා.

2010 පාර්ලිමේන්තුවට ආසන දහයක් හම්බවුණා විමල් වීරවංශ මහත්තයට පින් සිද්ධ වෙන්න.පාර්ලිමේන්තු කැන්ටිමෙන් කන්නෑ කිව්වා අපි බොරැල්ල උපවංශයෙන් ගෙනල්ල බත් එක කනවා කිව්වා.කිසිම අවස්ථාවක කාර් පර්මිට් ගන්නේ නෑ පක්ෂයෙන් දෙනවා අපිට වාහන කිව්වා.අපි නිල නිවාස වලට යන්නෑ කිව්වා.රටේ මිනිස්සු රැවටිලා දහය දාසය කරලා දුන්නා.දැන් මේගොල්ලෝ කන්නෙ උපවංශෙන්ද?අනුරයි හරිනියි විජිතයි කන්නෙ උපවංශෙන්ද? දැන් මේගොල්ලෝ කාර් පර්මිට් එහෙම අරන් නැද්ද?”

Latest News

More like this

මුහම්ම්ද් නබිතුමන්ට කාටුනයකින් අපහාස කළ තුර්කියේ මාධ්‍යවේදීන් සිව් දෙනෙක් අත්අඩංගුවට

මාධ්‍ය මර්දනය සම්බන්ධයෙන් කලු පැල්ලම් සහිත ඉතිහාසයක් ඇති තුර්කිය...

ඉන්දියාවේ ජනප්‍රිය තාරකාවක් හදිසියේම ජීවිතක්ෂයට

Big Boss 13 රියැලිටි වැඩසටහන ඔස්සේ ජනප්‍රිය වූ ෂෙෆාලි...

බදුවලින් බේරෙන්න ගහපු ගේමක් මාට්ටු වී ආනයනය කළ වාහන 300 ක් යළි හරවා යවයි

වාහන ආනයනයේදී සිදුවූ වංචාවක් අනාවරණය කර ගැනීමෙන් අනතුරුව වාහන...
error: Content is protected !!