කෙන්යාවේ රෝබෝ වේටර්ලා මිනිස් ශ්‍රමිකයන්ට අභියෝග කරයි

කෙන්යාවේ නයිරෝබි නුවර ප්‍රථම වතාවට රොබෝ වේටර්වරුන් විසින් සේවා ලබා දෙන අවන්හලක් ජනතාව අතර අතිශය ජනප්‍රියතාවයට පත් වී තිබෙනවා. 

නයිරෝබි සහ නැඟෙනහිර අප්‍රිකාවේ මෙවැනි ආකාරයේ පළමු ආපනශාලාව මෙයයි.

පාරිභෝගිකයින්ගේ විනෝදාස්වාදය සඳහා අවන්හල විසින් මෙම වැඩසටහන්ගත කරන ලද රොබෝවරුන්ගේ සහාය ලබා ගෙන තිබෙනවා.

අවන්හලේ හිමිකරු මොහොමඩ් අබ්බාස්, ආසියානු සහ යුරෝපීය රටවල පවතින සේවාවන් කෙන්යාවට හඳුන්වා දීමට ගත් උත්සහයක ප්‍රතිඵලයක් ලෙසයි මෙම අවන්හල නිර්මාණය වන්නේ. 

කෙසේ වෙතත් එය ඉතා මිල අධික ආයෝජනයක් වූ බව අවන්හල් හිමිකරු සඳහන් කර තිබෙනවා.

එහෙත් එම ආයෝජනය අපතේ යාමක් නොවන්නේ රෝබෝවරුන්ගේ අත්දැකීම් ලබා ගැනීමටම පැමිණෙන පාරොභෝගිකයන් නිසා අවන්හලට විශාල ප්‍රතිචාර හිමිවෙමින් තිබීම නිසයි. 

අවන්හලේ හඳුන්වා දුන් රොබෝවරුන් තිදෙනා වන ක්ලෙයාර්, ආර් 24 සහ නාඩියා සම්පුර්ණයෙන්ම වැඩසටහන්ගත කර නොමැති අතර එම නිසා ගනුදෙනුකරුවන් සමඟ සම්පූර්ණ සංවාද කිරීමට හැකියාවක් නැහැ.

නමුත් මෙම රොබෝවරුන්ට “ඔබේ ඇණවුම සූදානම්, සාදරයෙන් පිළිගනිමු” යනුවෙන් පැවසීමේ හැකියාව පවතී.

එවිට පාරිභෝගිකයින් තම ආහාර තැටියෙන් ලබා ගැනීම සඳහා බොත්තමක් එබීම අවශ්‍ය වේ.

කෙසේ වෙතත් මේ රොබෝවරුන් ජනප්‍රිය වීම මිනිස් ශ්‍රමිකයන්ගේ රැකියා අවදානමකට පත් කරාවි යන බියක් ද කෙන්යා සමාජය තුළ නිර්මාණය වීමට හේතු වී තිබෙනවා.

නමුත් එය ඉතා මිල අධික ආයෝජනයක් නිසා මෙම තත්ත්වය රට පුරා ප්‍රචලිත වීමට තවත් බොහෝ කාලයක් ගත වෙනු ඇති බවයි සඳහන් වන්නේ.

Latest News

More like this

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ Rumble ජර්මනියේ AI cloud සමාගමක් මිලදී ගන්න යයි

අමෙරිකානු සමාජ මාධ්‍ය ජාලයක් වුණු Rumble විශාල ආයෝජනයක් සිදුකිරීමට...

iPhone Pocket : ඇපල් සමාගමින් නවතම හඳුන්වාදීමක්

ඇපල් සමාගම 'රෙදි කැබැල්ලකින්' ආභාෂය ලැබූ ඩොලර් 230 ක...

ඊලොන් මස්ක් iPhone සහ අනෙකුත් Apple උපාංග තහනම් කරයි

X, Tesla සහ SpaceX යන සමාගම් ජාලයේ හිමිකරු වන...

සඳ මත ජනාවාස ඉදිකිරීම ඇතුළු අභ්‍යවකාශ ගවේෂණයට ශ්‍රි ලාංකික දැවැන්තයෙක් චීනය සමඟ එක්වේ

ශ්‍රී ලංකාවට වාණිජ අභ්‍යවකාශ ක්ෂේත්‍රය හඳුන්වාදුන් සුප්‍රිම් ග්ලෝබල් සමාගම...