ගලවා ගැනීමට ආ ඊශ්‍රායල හමුදාව පෙනී පෙනී ඝාතනය වූ ප්‍රාණ ඇපකරුවන් හය දෙනා..ඇමරිකාවේ අහිංසකයෙකුත් ඒ අතර..

ගාසා හි භූගත උමං මාර්ගයක මිය ගොස් සිටි ප්‍රාණ ඇපකරුවන් හයදෙනෙකුගේ සිරුරු සොයා ගත් බව ඊශ්‍රායල ආරක්ෂක අංශ පසුගිය දා නිවේදනය කළා.

ඊශ්‍රායල හමුදා ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට මෙම ප්‍රාණ ඇපකරුවන් අමානුෂික ලෙස ඝාතනය වී තිබුණේ ඊශ්‍රායල ගලවා ගැනීමේ හමුදාව එම ස්ථානයට පැමිණීමට පැය කිහිපයක් ඉතුරු වී තිබියදීය. 

මියගිය ප්‍රාණ ඇපකරුවන් හය දෙනා වන්නේ Carmel Gat, Hersh Goldberg-Polin, Eden Yerushalmi, Alexander Lobanov, Almog Sarusi සහ Ori Danino ය.

මේ අතර ඇමරිකා එක්සත් ජනපදය අනාවරණය කර ඇත්තේ මියගිය ප්‍රාණ ඇපකරුවන්ගෙන් එක් අයෙකු ඊශ්‍රායල-ඇමරිකානු පුරවැසියෙකු වන Hersh Goldberg-Polin බවයි.

ජනාධිපති ජෝ බයිඩන් ධවල මන්දිරයේ දී ප්‍රකාශයක් කරමින් 23 හැවිරිදි  Hersh ඔක්තෝබර් 7 වන දින ඊශ්‍රායලයේ පැවති සංගීත උළෙලට සහභාගී වූ “අහිංසකයන්ගෙන්” කෙනෙකු බවයි සඳහන් කළේ.

ඔහුට යන්තම් 23 ක් වූ අතර ලෝකය වටා සංචාරය කිරීමට කැමැත්තෙන් සිටි බව බයිඩන් පැවසුවා.

කෙසේ වෙතත් මෙම ඝාතනයන් පිළිබඳ ප්‍රකාශයක් සිදු කරමින් හමාස් සංවිධානය පවසා ඇත්තේ මෙම ප්‍රාණ ඇපකරුවන් සටන් විරාම ගිවිසුමක් ඇති වුවහොත් නිදහස් කිරීමට “අනුමත කර” සිටි අය අතරින් කිහිප දෙනෙකු බවයි.

Latest News

More like this

ග්‍රාමාරක්ෂක තනතුර සඳහා විභාගයට 8000ක් ගුවන් පථයක බිම ඉන්දවලා…

ඉන්දියාවේ ඔඩීෂා ප්‍රාන්තයේ ග්‍රාමාරක්ෂක තනතුර සඳහා බඳවා ගැනීමේ තරග...

ආපදාවට ලක් වූ ව්‍යාපාරිකයන්ට මිලියන 25 දක්වා ණයක්

2026 වසරේ රජයෙන් ලබා දෙන සහන පොලී ණය ක්‍රමය...

ශාන්ත පද්ම කුමාරගේ සිදුවීමට අදාළ පොලිස් කොස්තාපල් අත්අඩංගුවට

ජාතික ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පත්ම...

අධ්‍යාපන අමාත්‍යාංශය සිරිමාවෝ විදුහල්පතිනියගෙන් වාර්තාවක් කැඳවයි

සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ මෑතකදී පැවති වර්ණ සම්මාන ප්‍රදානය කිරීමේ...