සජිත්ට සහයෝගය දුන් ඉලංගයි තමිල් අරසුකච්චි දෙකඩ වේ

සමගි ජන බලවේගයේ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට ඉදිරි ජනාධිපතිවරණයේදී සහාය ලබාදීමට ඉලංගෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ මධ්‍යම කරක සභා රැස්වීමේදී තීරණය කර ඇති බව ඊයේ (01) ප්‍රකාශ කළා.

ඉලංගෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ මන්ත්‍රීවරු දහයක් පාර්ලිමේන්තුව නියෝජනය කරන අතර මේ සම්බන්ධයෙන් මාධ්‍ය හමුවකදී අදහස් පළ කරමින් එම පක්ෂය පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් මහතා ප්‍රකාශ කළේ මධ්‍යම කාරක සභාව රැස්වී ඒකමතිකව මෙම තීරණය ගත් බවයි.

දෙමළ පොදු අපේක්ෂක පී අරියනේන්දිරන් මහතාට පක්‍ෂයේ සහයෝගි නොදීමටත් ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවන ලෙසට ඉල්ලීමක් කිරීමටත් පක්ෂය මෙහිදී කටයුතු කර තිබුණා.

කෙසේ වෙතත් එම පක්ෂයේ ජේෂ්ඨතම නායකයකු වන මාවෙයි සේනාධිරාජා මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් වවුනියාවේ පෞද්ගලික හෝටලයකදී ඉලංගෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ පිරිසක් රැස් වී සජිත් ප්‍රේමදාස මහතාට සහ දැක්වීමට ගත්ත තීරණය තම පක්ෂයේ ඒකමතික තීරණය නොවන බව සඳහන් කර තිබෙනවා.

අදාල තීරණය ගැනීමට පක්‍ෂයේ රැස්වීමක් පැවැත්වෙන බවක්වත් තමා දැන සිටියේ නැතැයි පැවසූ සේනාධිරාජා මහතා එහිදී සජිත් ප්‍රේමදාස මහතාට සහයෝගය දීමට ගත් තීරණයක් ගැන ද තමන් නොදන්නා බව ප්‍රකාශ කළා.

ඒ අනුව සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීම පක්ෂය ගත් තීරණය පොදු තීරණයක් නොවන බවත් දෙතුන් දෙනෙකු ගත් පෞද්ගලික තීරණයක් බවත් ඔහු වැඩිදුරටත් පවසා තිබෙනවා.

Latest News

More like this

ග්‍රාමාරක්ෂක තනතුර සඳහා විභාගයට 8000ක් ගුවන් පථයක බිම ඉන්දවලා…

ඉන්දියාවේ ඔඩීෂා ප්‍රාන්තයේ ග්‍රාමාරක්ෂක තනතුර සඳහා බඳවා ගැනීමේ තරග...

ආපදාවට ලක් වූ ව්‍යාපාරිකයන්ට මිලියන 25 දක්වා ණයක්

2026 වසරේ රජයෙන් ලබා දෙන සහන පොලී ණය ක්‍රමය...

ශාන්ත පද්ම කුමාරගේ සිදුවීමට අදාළ පොලිස් කොස්තාපල් අත්අඩංගුවට

ජාතික ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පත්ම...

අධ්‍යාපන අමාත්‍යාංශය සිරිමාවෝ විදුහල්පතිනියගෙන් වාර්තාවක් කැඳවයි

සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ මෑතකදී පැවති වර්ණ සම්මාන ප්‍රදානය කිරීමේ...