පකිස්තානයේ මන්කි පොක්ස් උත්සන්න වේ: දකුණු ආසියාවටම ලෙඩේ බෙදා හරින කේන්ද්‍රස්ථානය වන බවට පෙරනිමිති

මන්කි පොක්ස් හෙවත් mpox රෝගය ජාත්‍යන්තර අවධානයට ලක්විය යුතු හදිසි අවස්ථාවක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් ප්‍රකාශයට පත් කිරීමෙන් සති දෙකකට පසු පාකිස්තානයේ පෙෂාවර් mpox රෝගයේ ‘කේන්ද්‍රස්ථානය’ ලෙස මතුවෙමින් පවතින බව පාකිස්තානයේ සෞඛ්‍ය අංශ පවසනවා.

එරට Dawn පුවත්පත වාර්තා කළේ ඉරිදා (සැප්තැම්බර් 1)පෙෂාවර් දිස්ත්‍රික්කයෙන් දෙවන mpox රෝගියා වාර්තා වූ අතර පකිස්තානය පුරා වාර්තා වූ මුළු රෝගීන් ගණන ඒ සමඟ පහ දක්වා වර්ධනය වූ බවයි. 

එය මේ වසරේ පකිස්තානයේ වාර්තා වූ පස්වන සිද්ධිය වන අතර WHO ගෝලීය සෞඛ්‍ය හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු වාර්තා වූ සිව්වන අවස්ථාව මෙයයි.

අනෙකුත් සියලුම සිද්ධීන් වාර්තා වී ඇත්තේ ප්‍රධාන වශයෙන් කයිබර් පක්තුන්ක්වා පළාතෙන් වන අතර එය ඇෆ්ගනිස්ථානය සමඟ ජාත්‍යන්තර මායිමක් බෙදාහදා ගන්නා ප්‍රදේශයකි.

තලේබාන් අන්තවාදීන් බලයට පැමිණි 2021 අගෝස්තු මාසයේ සිට සෞඛ්‍ය පහසුකම් නරක අතට හැරී ඇති අසල්වැසි ඇෆ්ගනිස්ථානයේ ද එය ව්‍යාප්ත වීමේ බියක් ඒ අනුව පැන නැගී ඇති බවයි වාර්තා වන්නේ.

Latest News

More like this

පරාජය වුණේ අයවැය නෙවෙයි.. හෘද සාක්ෂිය.. කොළඹ පුරපතිනිය කියයි..

පරාජය වුණු කොළඹට මාළිමාවෙන් තවත් අයවැයක්? කොළඹ මහ නගර සභාවේ...

ග්‍රාමාරක්ෂක තනතුර සඳහා විභාගයට 8000ක් ගුවන් පථයක බිම ඉන්දවලා…

ඉන්දියාවේ ඔඩීෂා ප්‍රාන්තයේ ග්‍රාමාරක්ෂක තනතුර සඳහා බඳවා ගැනීමේ තරග...

ආපදාවට ලක් වූ ව්‍යාපාරිකයන්ට මිලියන 25 දක්වා ණයක්

2026 වසරේ රජයෙන් ලබා දෙන සහන පොලී ණය ක්‍රමය...