දක්ෂිණ අධිවේගී මාර්ගයේ පරණ බිලකින් කෝටි 750 ක් වංචා කිරීමේ සූදානමක්

2011 වර්ෂයේදී දක්ෂිණ අධිවේගී මාර්ගය ඉදිකිරීමේදී මාර්ග සංවර්ධන අධිකාරිය මගින් අනුමත නොකළ පැරණි බිලක් සොයාගෙන, එයට අමාත්‍ය මණ්ඩලයේ සහ නීතිපතිවරයාගේ අනුමැතිය ලබාගෙන රුපියල් කෝටි හත්සිය පනහක මුදලක් චයිනා හාබර් සමාගම වෙත ගෙවීමට ආණ්ඩුව කටයුතු කරගෙන යන බව ජාතික ජන බලවේගයේ විධායක සභික වසන්ත සමරසිංහ මහතා පවසනවා.

ඔහු පැවසුවේ මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින එක්තරා අපේක්ෂකයෙකුගේ මැතිවරණ ව්‍යාපාරයට වියදම් කිරීමට මුදල් සෙවීම සඳහා මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති බවයි.

ඒ පිළිබඳව තොරතුරු තමන් මාර්ග සංවර්ධන අධිකාරිය හරහා ලබාගත් බවත්, නීතිඥවරුන් සමග සාකච්ඡා කොට අදාළ නීතිවිරෝධී ගෙවීම අධිකරණ ක්‍රියාමාර්ගයක් මගින් මේ සතිය තුළ නතර කිරීමට පියවර ගන්නා බව ඒ මහතා කියා සිටියා.

අනුරාධපුර නගරයේ පැවැති ජනහමුවකින් පසු මාධ්‍යවේදීන් අමතා ඔහු මේ බව සඳහන් කළා.

Latest News

More like this

පරාජය වුණේ අයවැය නෙවෙයි.. හෘද සාක්ෂිය.. කොළඹ පුරපතිනිය කියයි..

පරාජය වුණු කොළඹට මාළිමාවෙන් තවත් අයවැයක්? කොළඹ මහ නගර සභාවේ...

ග්‍රාමාරක්ෂක තනතුර සඳහා විභාගයට 8000ක් ගුවන් පථයක බිම ඉන්දවලා…

ඉන්දියාවේ ඔඩීෂා ප්‍රාන්තයේ ග්‍රාමාරක්ෂක තනතුර සඳහා බඳවා ගැනීමේ තරග...

ආපදාවට ලක් වූ ව්‍යාපාරිකයන්ට මිලියන 25 දක්වා ණයක්

2026 වසරේ රජයෙන් ලබා දෙන සහන පොලී ණය ක්‍රමය...